සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතියක් තුළ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 02ක් මිය ගිහින්…

බන්ධනාගාරය තුළ නැවත කොවිඩ් රැල්ලක්... රැඳවියන් 2600ටම MBBS සුදුසුකම් සහිත එක් වෛද්‍යවරයෙක් පමණයි!

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් දින කිහිපය තුළ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ දී රැඳවියන් දෙදෙනෙකු මියගොස්  ඇතැයි වාර්තා වේ.

මෙසේ මිය ගිය එක් පුද්ගලයෙක් වයස අවුරුදු 50 ක් වන වරෙන්තු පිට සිටි අයෙකි.  ඉකුත් දොළොස් වැනි ඉරිදා දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දුම්බර බෝගම්බර බන්ධනාගාරයට යොමුකොට තිබේ. ඔහු දහතුන් වැනි දින මියගොස් ඇත.

බන්ධනාගාර නිලධාරීන් පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම පුද්ගලයා බන්ධනාගාරය තුළ ඇද වැටී සිටි බවය. ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද ඒ වන විට ඔහු මියගොස් සිටි බවද බන්ධනාගාර නිලධාරීන් පොලිසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාර දෙන ලෙස  මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව දාහතර වැනි අඟහරුවාදා දින නුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිවසුබ්‍රමනියම්  විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මොළේට සිදුවූ භ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඔහුගේ දේහය ඊයේ  (15) බිරිය වෙත භාරදී ඇති බව දැනගන්නට තිබේ. අදාල දේහයේ බාහිර තැළීම් තුවාල සිදු වූ බවට ද තොරතුරු වාර්තා වී තිබූ අතර බන්ධනාගාර රෝහලේ දී බාහිර තුවාල   තිබූ බව වෛද්‍යවරයා විසින් පොලිසියට ප්‍රකාශ කොට නැති බවද දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව සහකාර බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

මේ අතර ඊයේ දිනයේ (15)  දුම්බර බන්ධනාගාරයේ දී  තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.   ඔහුගේ දේහය පිළිබඳ මහනුවර ජාතික රෝහලේ දී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සනාථ වී ඇත්තේ ඔහු මිය ගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් බව ය.

මේ වනවිට බන්ධනාගාරය තුළ  නැවත වරක් කොවිඩ්  වෛරසය වේගයනේ පැතිරී යන බවත්,  දුම්බර බන්ධනාගාරයේ රැඳවියන්  දෙදහස සහ බෝගම්බර  බන්ධනාගාරයේ සිටින රැඳවියන් 600 ඇතුළත් රැඳවියන් 2600ක් සඳහා ප්‍රතිකාර කිරීමට සිටින්නේ එක් වෛද්‍යවරයෙක්  පමණක් බවත්, ඔහුගේ සහය කණ්ඩායමට සහතික ලත්  වෛද්‍යවරු 04ක්, හෙද කාර්ය මණ්ඩලය 06ක් පමණක් ඇතුළත් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දොස්තර ෂාෆි නැවත සේවයේ පිහිටුවා නෑ!

Next Post

ඇමතිලා 60කට රට යන්න ඩොලර් දුන්නේ වෙනම බැංකුවකින්දැයි රාජිත අසයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.