covid-19 වෛරසය ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුවය ලබා අද පස්වරුවේ සිය නිවස බලා ගොස් තිබේ.
ඉදිරි දිනවලදී දී ඇය සෞඛ්‍ය උපදෙස් පරිදි සිය නිවස තුළම ගත කිරීමට නියමිතව ඇත.
කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබුවාය.







