පානදුරේදී පසුගියදා තරුණ ධිවර කාර්මිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහය දුන් බව කියන රන්කැටියා නැමැත්තා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද සමත්ව ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් පානදුරේ කළ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක්ද පානදුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් කළ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක්ද වශයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
රන්කැටියා නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලීසීයේ අපරාධ විමර්ශන අංශය විසිනි.
බන්ධනාගාරගත ව සිටින සුදා නැමැති මත්කුඩු ජාවාරම්කරු විසින් තමාට දුරකතනයෙන් කළ දැනුම් දීමකට අනුව වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ආහාර පාන සහ වෙනත් පහසුකම් සලසා දුන් බවත් ඒ වෙනුවට තමන්ට මුදල් ලැබුණු බවත් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකරු සදහන් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාම මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවී සිටින්නන්ය. විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බස්නාහාර දකුණු දිසා අපරාධ කොට්ඨාශයට භාරදී ඇත.