අද කොවිඩ් අසාදිතයන් 21 දෙනා සමග මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 132ක් වාර්තා වී ඇති නයිවල ලීනියා ඇක්වා ඇඟළුම් කම්හල තුළ නිශ්පාදන කාර්යයන් දිගටම පවත්වා ගැනීමට ගත් තීන්දුව සම්බන්ධව ගැටලුවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
අද වාර්තා වූ 21 දෙනාගේ ආශ්‍රිතයන් ලෙස කම්හලේ සේවක සේවිකාවන් 150 දෙනෙක් නිරෝධායනය කළ බවත් තවමත් කම්හල තුළ කොවිඩ් වෛරසය පැතිරී යෑම වැළකී නැති බැවින් කම්හල තාවකාලිකව වසා දමා පිළියම් සෙවීම සුදුසු බවත් සෞඛ්‍ය අංශ පවසයි.
එහෙත් කම්හල් පරිපාලනය ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පවත්වමින් වෛරසය ආසාදනය වී නැති සේවකයන් සමග නිශ්පාදන කටයුතු කරමින් යන බව වාර්තා වේ.