නතාෂා නෙත්මිණි –
සියලුම අවමංගල උත්සව පැය 24කින් නිමා කිරීමට රජය තීරණය කර තිබේ.
වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ (15) පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.
ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත් රාත්‍රී සමාජශාලා සහ උත්සව සඳහා සීමා පැනවීමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරීමට සහ අවමංගලෝත්සවයකට සහභාගී වන පිරිස් පාලනය කිරීමටත් තීරණය කර ඇත.







