සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික අධ්‍යාපන තීන්දුවල අග මුල නොදැක නටන නැටුම –  “සේදර ජවුසම“

by editor
පෙබරවාරි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආචාර්ය ජී.එස්.අමරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,  ප්‍රධාන සංස්කාරක,
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ සංගමය.

පසුගිය 2021.02.14 දින ඉරිදා  පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ආචාර්ය උපාලි සේදර   පවසා ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයේ යම්යම් අඩුපාඩු පවතින බවයි. ඒ නිසා එහි තත්ත්වය උසස් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස්වරයාද  අදාළ පුවත් පතටම ප්‍රකාශකර ඇත්තේ ද ජාතික අධ්‍යාපන ආයතනයේ යම්යම්  අඩුපාඩු තිබිය හැකි බවයි.  එහිදි එම ආයතනයේ සම්පත්දායකයන් හිඟ බවද ඔවුන් සිදු කරන විෂය මාලා  සංශෝධනවල ගැටලු තිබිය හැකි බවද අනාවරණය කළේය.

ආචාර්ය උපාලි සේදර

නිලධාරින් දෙදෙනාම පවසන්නේ එම ආයතනය උසස් කළ යුතු බවය. රාජ්‍ය ලේකම් අචාර්ය සේදර මීට පෙර ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළම තනතුරේ රාජකාරි කර තිබේ.  ඔහුට මේ අඩුපාඩු  එකළ ද සකස්කර ගැනීමට බැරි වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසේම රාජ්‍ය ලේකම් උපාලි සේදර   දිගින් දිගටම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ද නිර්දය විවේචනයට ලක් කරයි. ඔහුට කෙසේ වෙතත් මෙම රාජ්‍ය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල සාපේක්ෂව ඉහළ තත්ත්වයක තිබීම අපට නම් සතුටට කරුණකි. නමුත් ඔහු උසස් කිරිමට බලාපොරොත්තු වන ජාතික අධ්‍යාපන ආයතනය ලෝක ‍ශ්‍රේණිගත කිරිම්වල නොව ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීමක ඉන්නේ කොයි තැන දැයි මේ රටේ මිනිස්සු දනිති.

ජාතික අධ්‍යාපන විද්‍යාපීට අවුරුදු 36ක් එක තැන ඇයි?

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසර 36 තිස්සේ එක තැන පල්වන තත්ත්වයට පත්ව ඇත්තේ එහි ශාස්ත්‍රීය බලය ජාතික අධ්‍යාපන ආයතනය වැනි  දුර්වල ආයතනයකට පවරා තිබීම නිසා බව  අධ්‍යාපන පද්ධතියේ බහුතරයක අදහසය. මෙවන් පසුබිමක් තුළ  පීඨාධිපතිවරුන්,  කථිකාචාර්යවරුන් සීමිත සම්පත් හා ප්‍රශස්ත ශාස්ත්‍රීය මගපෙන්වීමක් ලබා දීමට නිසි ආයතනයක් නොමැති තත්ත්වයක  වුවද ශික්ෂණලාභින් මනා ලෙස ශික්ෂණය කොට පරිපුර්ණ ගුරුවරයෙකු ලෙස පද්ධතියට දායාද කිරීමට සමත්ව ඇත. මෙයට සමස්ත පාසල් ප්‍රජාවම සාක්ෂි දරණු ඇති. දැනටමත් පාසල් පද්ධතියේ ඉහළම ඉල්ලුම ඇත්තේ විද්‍යාපීඨ ගුරුවරුන්ටය. ‍විද්‍යාපීඨ සතු මෙම ශක්තිය තේරුම් ගැනීමට අදාළ බලධාරින් අවධානය යොමු කළහොත් ජාතික අධ්‍යාපන ආයතනයෙන් වියුක්තව  ගුරු විශ්වවිද්‍යාලයක් ගොඩ නැගීමට අධ්‍යාපන ඇමතිවරයා ගෙනා කැබිනට්  යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආශිර්වාද කිරීම සහතිකය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගුරු විශ්විද්‍යාල ගොඩ නැගීමට එරෙහි ගොං තර්ක

ගුරු විශ්වවිද්‍යාලය ගොඩනැගීමට එරෙහිව ආචාර්ය  ගෙන එන තවත් අමනොඥ තර්කයක් වන්නේ විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වූ විට විනය පිරිහෙන බවයි. විද්‍යාපීඨවල විශිෂ්ඨ විනයක් පවතී. එම විනය  පවත්වාගෙන යන්නේ NIE නිලධාරින් හෝ අචාර්ය සේදර   නොව විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සහ කථිකාචාර්යවරුන් විසිනි.

විශ්ව විද්‍යාල තත්වයට උසස්   වු විට අධ්‍යයන කාර්ය මණ්ඩලය වන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්යවරුන්ය.  ගුරු සේවයේ අත්දැකීම් සහිත ප්‍රමාණිකයන්ය.  ජාතික අධ්‍යාපන ආයතනයේ මෙන්   ව්‍යාපෘති නිලධාරින් ලෙස බඳවාගෙන   අද කථිකාචාර්ය  බෝඩ් අලවා ගත්  අය නොව නිශ්ඡිත ශාස්ත්‍රීය සුදුසුකම් සැපිරූ අධ්‍යාපනඥයන්ය. ඒ බව අචාර්ය සේදරත් ඔහුගේ හිතෛශී කණ්ඩායමත් අවධාරණයෙන් දැන ගත යුතු වනවා සේම ඔවුන්   සිසුන්ගේ විනය පිළිබඳ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත.

ආවේනික ශාස්ත්‍රීය පරිසර

තමන්ට ආවේණික ශාස්ත්‍රීය පෞරුෂයක් ගොඩ නගා ගැනීම එම පද්ධති හසුරුවන පරිපාලනයේ දැක්ම මත තීරණය වන්නකි. එම දැක්ම මෙන්ම පෞරුෂය ද සහිත ශාස්ත්‍රීය ප්‍රමාණිකයෝ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨතුළ වෙති.  දැනටමත් එවැනි ආදර්ශ ලංකාවේ තිබේ.   කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද විශ්ව විද්‍යාලයකි. එහෙත් ඔවුහු තමන්ට ආවේනික ශාස්ත්‍රීය පරිසරයක් පවත්වා ගෙන යති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

විද්‍යාපීඨ සතුව ද  එවැනිම ශික්ෂණය මුල් කරගත් ශාස්ත්‍රීය පරිසරයක් පවතින බව රාජ්‍ය ලේකම් අචාර්ය සේදර නොදන්නවා නම් ශික්ෂණලාභියෙකු ගෙන් ඒ වග අසා දැනගත හැකිය . අවසාන වශයෙන් කිව යුතු වන්නේ  අප අභිමුව ඇත්තේ ජාතික වශයෙන් වැදගත් තීන්දුවක් බවය. එවැනි තීන්දු සමග විහිළු කිරීම ජාතික අපරාධයකි. රාජ්‍ය ලේකම්වරයාට ඒ අපරාධයට කර ගැසීමේ පාපයෙන් මිදෙන්නට තවත් කල් ඇති බව විශ්වාස කරමි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවමගුල් පැය 24න් අවසන් කිරීමට තීන්දුයි… මංගල උත්සවයකට උපරිම 50යි…

Next Post

දාරළුවේ කරඳ ගස රැකෙයි… අධිවේගී සැලසුම වෙනස් වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.