දිනසේන රතුගමගේ –
මිනීමැරුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස ලබා සිටින කිළිනොච්චිය සෙල්වනගර් ප්රදේශයේ තරුණයෙකුගේ මළ සිරුරක් කිළිනොච්චිය රෝහල ඉදිරිපිට දුම්රිය මාර්ගයේ තිබී හමු වූ බව පොලීසිය පවසයි.
මියගොස් අත්තේ සෙල්වනගර් පදිංචි 22 හැවිරිදි ජෝන් ප්රකාස් නැමති අය බවටත් ඔහු දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇති බවටත් මූලික තොරතුරු ලැබී ඇතැයි කිළිනොච්චිය පොලිසිය පවසයි.
2022.12.31 දින කිලිනොච්චිය පොලිස් වසමට අයත් විනායගපුරම් ප්රදේශයේදී ඝාතන සිද්ධියට සම්බන්ධ බවට ඔහු සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහු ඇප මත නිදහස ලබා සිටියදී දුම්රියට පැන සිය දිවි හානි කරගෙන තිබේ.
කිළිනොච්චිය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.