අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මීළඟ නඩු දිනය තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට අද (28) පොරොන්දුවක් ලබා දුන්නේය.
නව ක්‍රීඩා ඇමතිවරයා මෙම පොරොන්දුව ලබා දුන්නේ හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගොනු කර තිබූ පෙත්සම අද යළි දැකඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
ඒ අනුව නඩු කටයුත්ත යළිත් වරක් කල් ගියේය. අදාල නඩුව දෙසැම්බර් 05 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.