අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂාවට හමුදාවේ පොලිසියේ 4000ක්… විදයම කෝටි 10කට ආසන්නයි… අද පැවැත්වෙන ජනරජ පෙරහරේ විත්තිය!

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිට පවත්වන උත්කර්ෂවත් ජනරජ පෙරහරට සියල්ල සූදානම්ය.  තව පැයකින් එය වීදී සංචාරය කිරීම ආරම්භ කරනු ඇත.

අද සවස් භාගයේ ජනරජ පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සවස ගුවන් මගින් මහනුවරට පැමිණියේය.

ජනරජ පෙරහර පැවැත්වීම සඳහා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ අවසරය අවශ්‍යය. ඔවුන් කවරෙක් හෝ අකමැත්ත ප්‍රකාශ කරන්නේ නම් පෙරහර පැවැත්විය නොහැකිය. මේ අවස්ථාවේ මේ උත්කර්ෂවත් පෙරහර මංගල්‍යය පවත්වන්නේ මේ පාර්ශවයන් තුනේම එකඟත්වය සහ එකමතික අනුමැතිය සහිතවය.

ජනරජ පෙරහර ආකෘතිය අවසන් රන්දෝලි පෙරහර වගේමය. මාළිගාවේ මහ පෙරහර සේම හතර මහා දේවාලයේ පෙරහර හතර ද එක්ව මේ ජනරජ පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේය.

ඇසළ මහා  පෙරහර අවසන් දින පෙරහර වීදි සංචාරය කරන ප්‍රධාන වීදි ඔස්සේ ගමන් කර පෙරහර ගෙවැදීමට නියමිතව ඇත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අවසන් රන්දෝලි පෙරහර හා ජනරජ පෙරහර උත්කර්ෂයෙන් එක හා සමාන වුව ද  චාරිත්‍ර සම්ප්‍රදාය අතරින් යම් යම් වෙනස්කම් ඇත.

අවසන් රන්දෝලි පෙරහරේ වඩම්මවන්නා සේ ජනරජ පෙරහරේ දී දළදා කරඬුව වඩම්මවන්නේ නැත.  සතර මහා දේවාල පෙරහරවල දේවාභරණ වම්මවන්නේත් නැත.

පෙරහර අවසානයේ පැවැත්වෙන දේව සංහිඳ හේවිසි හෝ පුද පූජා කිසිවක් පැවැත්වෙන්නෙ නැත. එමෙන්ම දළදා හේවිසි පද මාරු කිරීම් ද සිදුවන්නේ ද නැත.

දළදා පෙරහරේ මංගල හස්ථිරාජයා පිට වටපුටුව බඳිනු ලබන අතර ඒ මත සිවු කොන දිස්වන පරිදි රාජ්‍ය ලාංඡන හතරක් ප්‍රදර්ශනයට තබා ඇත්තේය.  දෑලේ ඇතුන් ද ඊට සහභාගී වන්නේය.

රන්දෝලි පෙරහර මංගල්‍යයේ දී    විෂ්ණු දේවාලයේ ඇතුන් මත   ඊට සුවිශේෂී වූ චාරිත්‍ර විධි අනුව පූජා පවත්වමින්   සංකේත තැන්පත් කරන්නේය.  ජනරජ පෙරහරේ දී එවැනි සංකේත තැන්පත් කිරීමක් නැත.  බුදු ගුණ ගැයීම් දේව ආශීර්වාද වැනි තේවාවන් කිසිවක් ද පෙරහරේ නොවේ.

ජනරජයක් සනිටුහන් කරමින් පවත්වන ලද රාජ්‍ය උත්සවයක් පරිදි ජනරජ  පෙරහර පැවැත්වෙන අතර වෙනදා දක්නට ලැබෙන බෞද්ධ කොඩිවලට අමතරව සිංහ කොඩි සහ ජාතික කොඩි වැඩි වශයෙන් ප්‍රදර්ශනය කෙරේ.

මැති ඇමතිවරුන්ට රාජ්‍ය නිලධාරීන්ට පෙරහර නැරඹීම සඳහා මහ මළුවේ ආසන පනවා ඇත.  ප්‍රධාන පිවිසුම් දොරටුව අසල වෙනම අට්ටාල ගසා ආසන සංවිධානය කර තිබේ.

පෙරහර ශිල්පීන්

පෙරහර අවසන් රන්දෝලි පෙරහර වේගමය. පෙරහර සඳහා ශිල්පීහු 1000ක් සම්බන්ධ වෙති. මංගල හස්ථියා ඇතුළු පෙරහරට  එක්වනක හස්ථීන් 57කි. හේවිසි ශිලපීන් 150ක් සහභාගී වේ. දිවයිනේ නම ගිය ප්‍රධානම සම්ප්‍රදායික හේවිසි කණ්ඩායම් පෙරහර මංගල්‍යය සරසති. ඊට අමතරව අලෝකකරණය සහ වෙනත් තේවා කටයුතු සඳහා ශිල්පීහු 300ක් පමණ එක්වී සිටිති. දළ වශයෙන් පෙරහරට එක්වන ශිල්පීන් ප්‍රමාණය 1500 ඉක්මවා යයි.

ආරක්ෂාව

මේ වනවිට මහනුවර ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මධ්‍යම පළාත තුළින් කැඳවා තිබේ. ආසන්න වශයෙන් 2800ක පොලිස් බලඇණියක් ආරක්ෂාව සඳහා විශේෂ රාජකාරියේ යොදවා තිබේ.

මීට අමතරව හමුදාවේ 1200ක් සහ නාවික හමුදාවේ 76ත් රාජකාරි සඳහා කැඳවා ඇත. හෙට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රන්ටැඹේ විශේෂ උත්සවයකට සහභාගී විමට නියමිතව සිටියේය. අද උදේ සිට  මහනුවර –  රන්ටැඹේ තෙක් මේ විශේෂ ප්‍රභූ ආරක්ෂාව තෙල්දෙණිය පොලිස් කොට්ඨාසය විසින් යොදවා තිබිණි. ආරක්ෂ හේතු මත ජනාධිපතිවරයා අද රන්ටැඹේ හමුදා කඳවුර වෙත ගොස් ඇත.

මීට අමතරව නිල සුනඛ ඒකකයන්හි ද  සේවය ලබාගෙන ඇත. ඊයේ අද සහ හෙට තෙදින පුරා මෙම පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළ දියත් වී තිබේ.

පෙරහර ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ඒකක 19ක් යොදවා තිබේ. ඔවුන් වෙත මෙම තෙදින රාජකාරිය සඳහා රජයේ ඉන්ධන ලීටර 9200ක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නුවරට වැස්සය. විශාල ජනකායක් ජනරජ පෙරහර බැලීමට තවමත්  එක් වී නැත.

වියදම් –

කිසිම වියදමක් නිල වශයේ ලේඛනගත වන්නේ නැත. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් නොගන්නා  බවට රජය පාර්ශවයෙන් ආරංචි වේ. ප්‍රාධන බරපැණ දරන්නේ පෙරහර භාරය බව කියැවේ. පෙරහර භාරය කුඹුරු කොට හෝ හේන් අස්වද්දා මුදල් හොයන්නේ නැත. දියවඩන නිලමේ ගෙදරින් මුදල් ගේන්නේත් නැත. බරපැණ දරන්නේ පෙරහර භාරය නම් පෙරහර භාරය ඒ මුදල් උපයා ගන්නේ මේ රටේ අතිශයින්ම පීඩිත ජනතාව උතුරා යන ශ්‍රද්ධාවෙන් ලබා දෙන මුදලිනි.

ඊට අමතරව අමාත්‍යාංශ ගණනාවක වැය ශිර්ෂයෙන් මුදල් ජනරජ පෙරහරට ලබා දී ඇත.  ජනාධිපතිවරයා දන්වා ඇති අත්‍යාවශ්‍ය විදයම් වලට පිටින් වෙනත් වියදමක් කරන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් ඇමතිවරයාගෙන් පුද්ගලකිව ඊට අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් වී ඇත. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් නොලැබෙන්නේ ඒ පදනම මතය. කෙසේ වෙත්ත පෙරහර  සඳහා මුදල් වෙන් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම ගැටලුවක් නැත. මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා ය.

වියදම් බෙදෙන දළ ආකාරය –

ශිල්පීන් 1000ට හේවිසි, කණ්ඩායම්වල හේවිසි ශිල්පීන් 150කට අමතර ශිල්පීන් 300කට ආහාරපාන, ගමන් විදයදම් දීමනා සහ දිනකට ඔවුන්ට ගෙවන ගෙවීමක් තිබේ.

අලි ඇතුන් 57 දෙනා සඳහා ප්‍රවාහන වියදම්, ඇත්ගොව්වන්ගේ වියදම්, අලි ඇඳුම්, එක් හස්ථියෙක් වන නිශ්ඡිත ගෙවීම සම්බන්ධ වියදම ඇතුළු සමස්ථ වියදම කෝටිය ඉක්මවා යයි.

මේ අවස්ථාවේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් සතර මහා දේවාලය සහ දළදා මාළිගාවත්, පෙරහර වීදි සංචාරය කරන වීදි පරිශ්‍රත් අලෝකමත් කිරීම සඳහා සහ ශිල්පීන් නවාතැන් ගෙන ඇති ස්ථානවල විදුලි පරිභෝජන බිල සඳහා විශාල විදුලි පිරිවැයක් දරන්නට සිදුවේ. පෙරහර යටිතල පහසුකම් සැපයීම, ආරක්ෂාවට යොදවා ඇති හමුදා සහ පොලිස් 4000කට අධික භට පිරිස් වෙත ආහාරපාන, දීමනා සැපයීම, වෙනත් වියදම් සඳහා ද විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇත.

මේ වනවට කැබිනට් මණ්ඩලය මහනුවරය. ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ නුවර තරු හෝටල්වලය. ආරාධිත ඇමතිවරු රාජ්‍ය ඇමතිවරුත් නුවරට පැමිණ සිටිති. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු හෙට නුවර පැවැත්වෙන කැබිනට් රැස්වීම සඳහා එක්විය යුතු  සියලුම නිලධාරීන් රාජ්‍ය වාහනවලින් රාජකාරි දීමනා ලබමින් නුවරට පැමිණ ඇත.

රජයේ නිල නිවාස මේ එන සාමාන්‍ය නිලධාරීන් සඳහාත් ප්‍රධාන නිලධාරීන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ රියදුරන් සඳහාත් වෙන් කර ඇත.

නුවර සැණකෙළිය නිමා වෙන්නේ හෙට හවසය.  මේ අසිරිමත් පෙරහර මංගල්‍ය කෝටි දහයකට අධික වියදමින්  නිමා වීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහා පරිමාණ ගංජා ජාවාරමක් ගැන ඔත්තුවක් දුන් අයෙකුට යටිනුවර ශ්‍රී.ල.නි.ප අපේක්ෂයන් 02ක් එක්ව පහර දී මුදල් කොල්ලකාලා…

Next Post

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි… ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් පවසයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.