සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි… ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් පවසයි

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ ප්‍රදානය කිරීම වෙනුවෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ දී අද (19) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

වසර 142 ක ඉතිහාසයක් සහිත ජාතික ශිෂ්‍ය භට බළකායට ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු කෙරිණි.

ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා ආචාර පෙළපාළිය නිරීක්ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන එම අලුත් සමාජය වෙනුවෙන් විනයගරුක නායකත්වයක් ශිෂ්‍ය භට බලකායෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේ ද පැවසීය.

අද ඔබට විශේෂ දිනයක්. ජාතික ශිෂ්‍ය භට බලකායේ ජාතික වටිනාකම අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් ජනාධිපති වර්ණත්, බලකා වර්ණත් ජාතික ශිෂ්‍ය භට බලකායට ලැබී තිබෙනවා. මෙම බලකාය ඉතා පැරණි ඒකකයක්. ශ්‍රී ලංකාවේ පාබල හමුදාව ආරම්භ කරන විට රාජකීය විද්‍යාලය විසින් ශිෂ්‍ය භට අනු ඛණ්ඩයක් නිර්මාණය කළා.

එතැනින් ආරම්භ වුණු ශිෂ්‍ය භට බලකාය වසර 142ක ඉතිහාසයකට හිමිකම් කියනවා. එයින් බිහි වුණු හමුදා නිලධාරීන් පළමු ලෝක යුද්ධයට සහභාගී වුණා. එහිදී ඇතැම් නිලධාරීන්ට ජීවිත පූජා කිරීමට ද සිදුව තිබුණා. ඉන් අනතුරුව පැවති දෙවන ලෝක යුද්ධය මෙන්ම රටේ අභ්‍යන්තර පැවති යුද්ධ වලටද මෙම ශිෂ්‍ය භට බලකායෙන් බිහිවු නිලධාරීන් සහභාගි වී තිබෙනවා. ඒ වගේම ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් ත්‍රිවිධ හමුදාවට මහඟු දායකත්වයක් සපයා තිබෙනවා. අපි ඒ කටයුතු අගය කරන නිසා තමයි අද මෙම අවස්ථාවට සහභාගී වී සිටින්නේ.

ලංකා පාබල හමුදාවෙන් ආරම්භ වී පළමුවෙන්ම ලංකා ආරක්ෂක හමුදාව යටතේ ද ඉන්පසුව ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ද ශිෂ්‍ය භට බලකායේ විකාශනය සිදුව තිබෙනවා. මෙම බලකාය ජාතික ශිෂ්‍ය භට බලකාය ලෙස නම් කිරීමේ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වගේම අද මට අවස්ථාව ලැබී තිබෙනවා ජාතික ශිෂ්‍ය භට බලකායට ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමට.

මෙම ශිෂ්‍ය භට බලකායෙන් තමයි රටේ අනාගතයට අවශ්‍ය පිරිස පුහුණු කරන්නේ. හමුදාවට එක් වූ ශිෂ්‍ය භට බලකාය මෙන්ම හමුදාවට එක් නොවුවත් විවිධ අංශවල සේවය කළ විශාල පිරිසක් සිටිනවා. එම පිරිස අතරින් අපේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රධාන තැනක් ගන්නවා. පාසල් කාලයේ දී එතුමා සවස් කාලයේ එම පුහුණුවීම්වලට සහභාගී වූ අන්දම අදටත් මගේ මතකයේ තිබෙනවා.

අද ඔබට මෙම ජනාධිපති වර්ණ ප්‍රදානය කරන අවස්ථාවේ දී මේ ශිෂ්‍ය භට බලකාය ආරම්භ කළ අය සහ එහි දියණුව උදෙසා දායකවූවන්ට සහ ශිෂ්‍ය භට බලකායේ සියලුදෙනාට අපගේ ස්තූතිය ප්‍රකාශ කිරීම යුතුකමක් වෙනවා. ‍

මේ වන විට ශිෂ්‍ය භට බලකාය පාසල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් පැවසුවේ අපි සෑම මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බලකායක් ඇති කළයුතුයි කියලා. අපි මෙය තවදුරටත් දියුණු කරමින් ඉදිරියට ගෙන යා යුතුයි. එමඟින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම මේ ශිෂ්‍ය භට බලකායේ සිටින සිසුන්ට හොඳ අනාගතයක් උදාකර දිම රජයේ වගකීම වෙනවා. ශිෂ්‍ය භට කණ්ඩායම් වල ඉන්න දරුවන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවීම් කිරීමේදී අවශ්‍ය කෝටාවක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙතැන ඉන්න වෙලාවෙ මම යෝජනා කරනවා. අපි මේ අයගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. මොකද විනයක් සමග ඉදිරියට යන ඔබට පුහුණුවක් ලබාදෙන්න අපි කැපවී කටයුතු කළයුතුයි.

ඒ වගේම ඔබේ අනාගතය පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඔබට, ඔබේ දෙමාපියන්ට මෙන්ම රටේ ජනතාවට අද මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාව පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල බරක් අපි සියලුදෙනාටම දැරීමට සිදුව තිබෙනවා. අපිට වෙනත් විකල්පයක් නැහැ. ජනතාවට අද දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණත් මෙය දරාගත යුත්තේ කෙටි කාලයක් පමණයි. මේ වසර අවසන්වීමට පෙර මේ තත්ත්වය වෙනස් වෙනවා පමණක් නොවෙයි ඉන් පසුව අපි අලුත් ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.

අපි ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇතිකරගත යුතුයි. අපි ඒ සමාජය ගොඩනඟන්නේ රටේ තරුණ පිරිස වෙනුවෙනුයි. එවන් නව සමාජ ක්‍රමයක් ඇතිකිරීමට නම් විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. එම නායකත්වය ශිෂ්‍ය භට බලකායෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවිමක් පැවතිය යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලැබූ පිරිස සිටින මෙම ශිෂ්‍ය භට බලකාය දියුණු කිරීමට සහ එහි සිටින සියලුදෙනාගේ අනාගතය යහපත් කිරීමටත් අප කැපවී සිටින බව සිහිපත් කරනවා.
වසර 142ක් මේ රටට සේවය කළ ජාතික ශිෂ්‍ය භට බලකාය ජනාධිපති වරණ සහ බලකා වර්ණ ලබන මෙම අවස්ථාවේ මම සියලුදෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Share69Tweet43
Previous Post

ආරක්ෂාවට හමුදාවේ පොලිසියේ 4000ක්… විදයම කෝටි 10කට ආසන්නයි… අද පැවැත්වෙන ජනරජ පෙරහරේ විත්තිය!

Next Post

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශ OIC පොලිස් කුපාඩිකමක… බීමතින් පොලිස් කණ්ඩායමක් සමග පැමිණ සිවිල් වැසියෙකුට බරපතල ලෙස පහර දීලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.