බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගමික සිද්ධස්ථාවලින් හමුදා භට පිරිස් ඉවත් කිරීමේ බොරුව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්‍රතික්ෂේප කරයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආගමික සිද්ධස්ථානවලින් ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් ඉවත් කිරීමේ කිසිම සූදානමක් නැති බවත් එවැනි තීන්දුවක් ලබාගෙන නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නිවේදනය කළේය.

විශේෂ ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව ආරක්ෂාව සඳහාත්, විශේෂ ඉදිකිරීම් කටයුතු සඳහාත් දැනට ආගමික ස්ථානවෙත අනුයුක්ත කර ඇති හමුදා භට පිරිස් එම ආගමික සිද්ධස්ථානවලින් ඉවත් කරන බවට අද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගිය වැරදි ප්‍රචාරය දුටු මොහොතේම යුද හමුදා මූලස්ථානය ස්වකීය එක්ස් ගිනුමෙන් සහ මුහුණු පොතෙන් එම අසත්‍ය ප්‍රචාරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ නියමය මත අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරක්ෂක මූලස්ථානයේ දී කැඳවා තිබිණි.

එහිදී ආගමික සිද්ධස්ථාන සඳහා යොදවන භටපිරිස් ආරක්ෂක රාජකාරි සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවන ආකාරය සම්බන්ධ පැහැදිලි කිරීමක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්.සිසිර කුමාර දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ පන්සල් 89ක් සඳහා යුද හමුදා භටයින් 1584 දෙනෙක් ආරක්ෂාවට සහ ඉදිකිරිම් ව්‍යාපෘති සඳහා යොදවා ඇති බවය.   ඉන් 364 දෙනෙක් ආරක්ෂාව සඳහාත් 1220ක් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහාත් යොදවා තිබෙන බව  හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

ඉංජිනේරු සේවා බලකායේ කළමනාකරණය සහිතව විහාරස්ථාන සඳහා ලබා දී ඇති හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති නිලධාරීන් කිසිවෙක් ඉවත් කිරීමට හෝ භට පිරිස් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය ගෙන නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේය. එමෙන්ම මේ වනවිට ආරක්ෂාව සහ ඉදිකිරීම් සඳහා කිසිම කතෝලික හෝ මුස්ලිම් දේවස්ථානයක් වෙත ආරක්ෂාව ලබා දීමට යුද හමුදාවට අවශ්‍යතාවයක් පැන නැගී නැතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“ඉදිකිරීම් කටයුතු සඳහා පන්සල් මගින් බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ආරක්ෂක අමාත්‍යාංශයට කරන ඉල්ලීම් තක්සේරු කිරීමෙන් අනතුරුව නිශ්ඡිත කාලයකට එම ව්‍යාපෘතියට අදාල භට පිරිස් නිශ්චිත එම ස්ථානයට යොමු කරනවා. මුදා හැරිය කාලය නිම වූ පසු නැවත ඔවුන් කැඳවනවා. ඒක තමයි පවතින ක්‍රමවේදය. ”

“බොහෝ විට ඇස්තමේන්තුගත කාලයේ දී එම භටපිරිස්වලට අදාල ව්‍යාපෘතියය පූරණය කරගත නොහැකි වුවහොත් යළි දීර්ඝ කිරීම් සිදුකරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ තක්සේරුව මතයි. බොහෝ වෙලාවට සාධාරණ කාරනා මත එසේ අනුයුක්ත කිරීම් දීර්ඝ කරලා තියනවා. ”

“ඒ වගේම ආරක්ෂාව කියන්නෙ නිරන්තරව සමාලෝචනය වෙන සංවේදී කාරණාවක්. යම් කිසි සිද්ධස්ථානයකට වේවා, ආයතනයකට වේවා ආරක්ෂාව සපයන්නේ ක්ෂේත්‍ර හමුදා මූලස්ථාන විසන් කරන ලද තක්සේරු වාර්තාවක් යුද හමුදා මූලස්ථානය විසින් සමාලෝචනය කිරීමෙන් පස්සේ. ආරක්ෂාව පවත්වා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීන්දු ගැනීම සෑම අවස්ථාවකම සිදුවුන්නේ ඒ ක්‍රමවේදයට. ඒක තමයි යුද හමුදාව විද්‍යානුකූලව ආරක්ෂාව සලස්වන විදිය. එම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන එකක්. ආරක්ෂාව ලබා දීම හෝ ඉවත් කිරීම සිදුවන්නේ ආගමික ආයතනයක හෝ යම් ආයතනයක ඉල්ලීමට නොවෙයි. යුද හමුදා මූලස්ථානය විසින් සිදුකරන විද්‍යාත්මක ආරක්ෂක තක්සේරුව මතයි.”

මේ ක්‍රියාවලිය කිසිසේත්ම ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් කිරීමක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එවැනි තීන්දුවක් රැගෙන නැති බව ඔහු ප්‍රකාශ කළේය. යුද හමුදා නිලධාරීන්ගේ ප්‍රධානම වගකීම සහ ඉලක්කගත රාජකාරිය සතුරු උවදුරක් සිදුවන අවස්ථාවක එය වැළැක්වීමට මැදිහත්වීම බව පෙන්වා දුන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බැරැක්කවල සිටිනා හමුදා නිලධාරීන් බැරැක්කවලට සීමා කිරීම යනු  නිරන්තර පුහුණුවක් ලැබීම බවත්,  යුදමය අවස්ථාවක් සඳහා මැදිහත්වීමට අවශ්‍ය ශික්ෂණය පුහුණුව, නවීන උපක්‍රම සම්බන්ධ යාවත්කාලීන වෙමින් අභ්‍යාසයක නිරතවීම බවත් අවධාරණය කළේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොන්දොස්තරට සල්ලි ගනින්න බෑ… ඩ්‍රයිවර්ට ලයිෂන් නෑ…. රටේ ආර්ථිකයට වෙන්නේ කේඩීයූ බස් එකට වුනා වගේ වැඩක්…. සිලින්ඩරයේ පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්නැයි හිටපු ජනපති කියයි!

Next Post

ව්‍යාජ තොරතුරු ප්‍රකාශකළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා… ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.