දිනසේන රතුගමගේ –
මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම ජලාශයවන වවුනිකුලම් වැව වසර දොළහකට පසුව පිටාර ගලන්නට පටන් ගෙන තිබේ.
අක්කර 3150 ක ධාරිතාවයෙන් යුත් මෙම වැව පිටාර ගැලීම සදහා අඩි 21 උස ජල ධාරිතාවයක් වැවට එකතු විය යුතු වෙයි.
වැව පිටාර ගැලීම සදහා අවට පිහිටි වැව් 34 ක ජලය වවුනිකුලම වැවට එකතු වන අතර එම වැව් ගත වූ වසර 12 ක කාලය තුළ සම්පූර්ණයෙන්ම පිරී පිටාර නොගැලිම නිසා මේ කාලය ඇතුළත වවුනිකුලම වැව පිටාර ගැලීමක්ද සිදු නොවුණි.
මෙවර වවුනිකුලම වැව පිටාර ගැලීමත් සමගම එහි දර්ශනීය බව නැරඹීමට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.








