සුරියවැව නුවන් ජයසේකර –
වීරකැටිය පොලිස් ස්ථානයට ළමා රක්ෂණ අධිකාරියෙන් ලද පැමිණිල්ලකට අනුව විතාරන්දෙණියේ පදිංචි 15 හැවිරිදි දැරියක රවටා එම දැරියව අවස්ථා ගනනාවකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිවිල් ආරක්ෂක නිළධාරීයෙකු වීරකැටිය පොලිසිය විසින් ඊයේ 17 දින රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය සිවිල් ආරක්ෂක බළකා නිළධාරියෙකු ලෙස සේවය කරනු ලැබූ ගල්කුට්ටිය කඩවල, මුල්කිරිගල ලිපිනයේ පදිංචි විජේසිංහගේ සනත් රංගන නැමිති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකාර සිවිල් ආරක්ෂක නිළධාරියා 2022 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දින සිට මේ දක්වා දැරියව රවටමින් ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. සැකකරු විසින් මෙම දැරියව දිගින් දිගටම ලිංගික අතවරයට ලක් කිරීම හා දැරියට බලහත්කාර පෑම සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරියට ලද තොරතුරකට අනුව ළමාරක්
ෂණ අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයකට අදාලව සැකකරු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලිංගික අපයෝජනයට පත් දැරිය අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර සැකකාර සිවිල් ආරක්ෂක සෙබලා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තංගල්ල කොටඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිසි වැඩිදුර විමර්ශන පවත්වයි.







