ශ්‍රියානි විජේසිංහ –
හදිසි අනතුරු සිදුව රජයේ රෝහල්වෙත වැඩිම පිරිසක් ඇතුල් කරනුයේ අප්‍රේල් 08 සිට 16 වැනි කාලය තුල යැයි සෞඛ්‍ය අමාතයංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සඳහන් කරයි.
.ඒසේම අනතුරුවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේද මෙම දින කීපය තුල බව හෙතෙම පෙන්වා දෙයි.
මෙහිදී වැඩිම පිරිසක් රෝහල් ගත වන්නේ ද මරණයට පත්වෙන්ද මාර්ග අනතුරු හේතුවෙන් යැයි ද වෛද්‍ය සිරිතුංග කියයි.
විශේෂයෙන්ම දරුවන් ගිනිකෙළිවලින් සහ වතුර පිරුණු ජලාශවල ස්නායක කිරීමෙන් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ වගකීමක් යැයිද හෙතෙම පවසයි.
සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කල්පනාකාරීව කටයුතු කරන්නැයිද මත්පැන් පානය කර රිය ධාවනය නොකරන්නැයිද විශේෂඥවරයා සියලුම දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි .







