වනසතුන් පිළිබඳ අවබෝධයක් නොමැති පශු වෛද්‍යවරයකු නොමැති බැවින් රිදියගම සෆාරි උද්‍යානයේ සතුන්ගේ ජීවිත මේ වන විට බරපතළ අනතුරකට ලක්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
උද්‍යානයේ සතුන් සඳහා පශු වෛද්‍යවරන් සිව්දෙනකු අවශ්‍ය වුණත් ඒ වෙනුවට එක් පශු වෛද්‍යවරියක් පමණක් අනුයුක්ත කර ඇති බවත් එම වෛද්‍යවරියට වනසතුන් පිළිබඳ විශේෂඥ අවබෝධයක් නොමැති බවත් වාර්තා වේ.
2019 කොරෝනා වසංගතය පැවති කාලයේ සිටම රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් දඩයම් කොට ආහාරයට ගැනීම සිදු වූ බවත් සෆාරි උද්‍යාන භූමියේ සිට නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් කොරෝනා සමයේ ප්‍රදේශවාසීන් සඳහා බෙදා හැරුණු බවත් තවදුරටත් වාර්තා වේ.
සතුන් මැරීමට විරුද්ධව මුල සිටම හිටපු ස්ථානභාර පශු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ හා එහි සේවය කළ බොහෝ සේවකයන් විරුද්ධ වී තිබේ.
ඊට එරෙහිව කතා කරන සේවකයන් ඈත පළාත්වලට මාරු කිරීම් ආදි පළිගැනීම් කරන බැවින් දරුවන් පවුල් දමා ඈත පළාත්වලට යාමට නොහැකි බැවින් එම සේවකයක් නිහඬව සිටින බවත් ආරංචි මාර්ග කියා සිටියි.
සෆාරි උද්‍යානයේ අයථා වැඩවලට විරුද්ධ වූ මෑතකදී ඩුබායි සිට පැමිණ නැවත සේවයට පැමිණි සේවකයකු මාසයකට වැඩි කාලයක් වැටුප් ලබා නොදී සිටින සිදුවීමක්ද වාර්තා වේ.
සෆාරි උද්‍යානයේ හිටපු ස්ථානභාර පශු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණගේ පෞද්ගලික වියදමින් කොරෝනා සමයේ සතුන්ට ඖෂධ වර්ග පවා ගෙනත් දුන් බවත් එම වෛද්‍යවරයා අද වන විට උද්‍යානයෙහි සේවයෙන් ඉවත් කර ඇති බැවින් සතුන් දැඩි අනතුරකට දමා ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
සෆාරි උද්‍යානයේ උද්ගතව ඇති අර්බුදය නිසා සතුන් මෙන්ම එහි එයින් වැටුප් ලබමින් වැඩකරන සේවකයන්ද බරපතළ ඛේදවාචකයකට මුහුණදීමට නියමිත බව කියා සිටියි.







