සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලවු ලක්ෂයක් ඉල්ලුවේ චීන සමාගමක්… තවම උන් චීනෙට යැවීම ගැන ස්ථිර තීන්දුවක් අරන් නෑ…

by editor
අප්‍රේල් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට සිට චීනයට රිලවුන් ලක්ෂයක ප්‍රමාණයක් යැවීමට තීරණය අවසන් තීරණයකට එළඹ නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බී.බී.සී. සිංහල සේවය වෙත අදහස් දක්වමින්  කෘෂිකර්ම  අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක සඳහන් කර ඇත්තේ චීනය පුරා සත්ත්ව උද්‍යාන දහසක් පවත්වාගෙන යනු ලබන සමාගමක් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් මේ දක්වා එම සතුන් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.

එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී, සේවය වෙත පහත පැහැදිලිකිරීම සිදුකර තිබේ.

“චීනයේ එක සමාගමක්, ඒ කියන්නේ චීනයේ සත්ත්ව උද්‍යාන දහසක් වගේ පවත්වාගෙන යන සමාගමක්. ඒ සමාගම කියන්නේ ඔවුන්ගේ සත්ත්ව උද්‍යානවලට රිලවු නැහැයි කියලා. ඔවුන්ට දැනට සිටින ප්‍රමාණය මදියි. ලංකාවේ රිලවු ලක්ෂ 30ක් විතර සිටිනවා. ඒ නිසා ඉන් ලක්ෂයක් පමණ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා.”

“ඒ ඉල්ලීම ආවට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තනිවම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බැහැ. වනජීවී සහ වන සංරක්ෂණ පනත තියෙන්නේ අපේ යටතේ නෙමෙයි. ඒ නිසා සියලුම අංශ කැඳවලා සාකච්ජාවක් කළා. ඒකට වනජීවී දෙපාර්තමේන්තුව ආවා, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඇතුළුව සියලුම අංශ ගෙනල්ලා සාකච්ජාවක් කළා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“දැනට තියෙන ප්‍රතිපාදන යටතේ සත්ත්ව උද්‍යාන වෙත සතුන් ලබාදීමේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සත්ත්ව උද්‍යාන සඳහා සතුන් ලබාදෙන්න පුළුවන්. රිලවා කියන්නේ ආරක්‍ෂිත ලැයිස්තුවේ සිටින සතෙක් නෙමෙයි. ඒ වුවත් මේ සම්බන්ධව වැඩිදුරටත් නීතිමය පසුබිමක් සකස් කරන්න අවශ්‍යයි කියලා අමාත්‍යතුමා පැවසුවා.”

“ඒ අනුව මේ කරුණ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරලා, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මේ නීතිමය කටයුතු සම්පාදනය කරන්න කමිටුවක් පත් කරන්න. එතකොට ඒ කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජනය කරනවා. ඒ කමිටුව රැස්වී ගන්නා තීරණය අනුව තමයි ඉදිරි තීන්දු ගන්නේ. ඒ ඇරෙන්න රිලවුන් චීනයට යවන්න මේ වෙද්දී තීරණයක් අරන් නැහැ,”

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්ද එක්ක එන්නෙම අනතුරු… තමන්ගේ ජීවිතය ප්‍රවේසම් කරගෙන අනෙකාත් ප්‍රවේසම් කරගන්න… විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

Next Post

කළුතර ගත කරන විදේශිකයින් ගේ අවුරුදු උළේලේ අවුරුදු කුමරිය ජර්මනියේ ඊමා ග්‍රේර්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.