ලෝක ශ්‍රේණිගත කිරිම්වල 51 වැනි ස්ථානයේ සිටිය නමුත් 2024 පැරිස් ඔලිම්පික් උළේලේ පිරිමි මීටර 400 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමට අරුණ දර්ශනට අවස්ථාව ලැබී තිබේ.
එම අවස්ථාව ඔහුට ලැබෙන්නේ පරිසාධන මට්ටමේ ඉහළ සිටි ක්‍රීඩකයින් 48 දෙනාගෙන් කීප දෙනෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී නොවීම හේතුවෙනි.
ඔලිම්පික් උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පරිසාධන මට්ටම ඉක්මවා යන්නට ලබා දී ඇති කාල සීමාව පසුගිය මස 30 වැනිදායින් අවසන් වූයේය.
ඒ අනුව සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කිරීම සඳහා දින හතරක කාලයක් ලබා දී තිබිණි.
නමුත් පිරිමි මීටර 400ට සුදුසුකම් ලැබූ ක්‍රිඩකයින් 48 දෙනා අතරින් ක්‍රීඩකයින් කිප දෙනෙක් ඔලිම්පික් උලෙළින් ඉවත් වී ගියේය. ඒ හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉන් පසුව සිටි ක්‍රීඩකයින්ට ඔලිම්පික් සහභාගීත්ව අවස්ථාව ලැබිණි.
ඒ නිසා අරුණ දර්ශන සිටියේ ඔලිම්පික් ශ්‍රේණිගතකිරීම්වල 51 වැනි ස්ථානයේ පසු වුව ද ඔහුට ද මෙවර ඔලිම්පික් වරම් හිමි විය.







