සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ල සාර්ථකයි… ඌරු වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කළ කතාව…!

අවයව බද්ධ කිරීම සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක් සිදුවෙයි... ශල්‍යකර්මයට මුහුණ දුන් පුද්ගලයා සුවය ලබා බදාදා (3) රෝහලින් පිට වී යයි.

by lankasara-editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඌරෙකු ගෙන් ලබාගෙන, ජාන වෙනස් කළ වකුගඩුවක් ප්‍රථම වතාවට සාර්ථකව මිනිසෙකුට බද්ධ කළ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. මීට සති දෙකකට පෙර එම ශල්‍යකර්මය සිදුකර තිබෙන්නේ එක්සත් ජනපදයේ බොස්ටන් හි මැසචුසෙට්ස් මහ රෝහලේ දී.

එම රෝහල හාවඩ් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ වන අතර එක්සත් ජනපදයේ තුන්වන පැරණිතම මහ රෝහලයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එම ශල්‍යකර්මයට මුහුණ දුන් හැට දෙහැවිරිදි රික් ස්ලේමන් පෙරේදා දින එනම් බදාදා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඌරු වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මයට සාර්ථකව මුහුණ දී සුවය ලබා සිටින රික් ස්ලේමන්…

ඌරන්ගේ අවයව මිනිසුන්ට බද්ධ කිරීම අතීතයේ දී ද උත්සාහ කර තිබෙන නමුත් ඒ සෑම අවස්ථාවකදී ම අසාර්ථක ව තිබෙනවා. එවන් පසුබිමක මෙම ශල්‍යකර්මයේ සාර්ථකත්වය විද්‍යාඥයින් විසින් ප්‍රශංසාවට ලක්කර ඇත්තේ එය අවයව බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සඳහන් කරමින්.මැසචුසෙට්ස් මහ රෝහල X හි සටහනක් තබමින් කියා සිටියේ රික් හොඳින් සුවය ලබන අතර ඔහුගේ පවුලේ අය සමඟ නිවසේ සිට දිගටම සුවය ලබනු ඇති බවයි.

මැසචුසෙට්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලමණාකරුවෙකු වන රික් ස්ලේමන් ශල්‍යකර්මයට පෙර අදහස් දක්වමින් පවසා තිබුනේ පසුගිය වසරේ තමන්, වකුගඩු රෝගයට ගොදුරුව එහි අවසන් අදියරේ ඇති බව හඳුනා ගත් විට වෛද්‍යවරුන් ඌරු වකුගඩුවක් අත්හදා බලන ලෙස යෝජනා කළ බවයි.

රික් ස්ලේමන්ගේ ශල්‍යකර්මය ඌරු අවයවයක් ජීවමාන මිනිසෙකුට බද්ධ කළ තුන්වන සැත්කමයි. පළමු බද්ධ කිරීම් දෙකෙහි දී එම රෝගීන් දෙදෙනාම අවයව බද්ධ කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. මෙලෙස සත්ව අවයව බද්ධ කිරීම සිදු කරන්නේ විශේෂයෙන් භයානක අවස්ථාවන්හිදී රෝගීන් සඳහා පර්යේෂණාත්මක ප්‍රතිකාර ක්‍රම සානුකම්පිතව භාවිතා කිරීමට අවසර දෙන විශේෂ නීති යටතේ බව සඳහන් වනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රික් ස්ලේමන් ඔහුගේ ශල්‍යකර්මය සාර්ථකව සිදුකල වෛද්‍ය විශේෂඥයින් සමග

එරට අවයව වල අවශ්‍යතාවයෙන් සිටින රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එක්සත් ජනපදයේ දිනකට පුද්ගලයින් 17 දෙනෙකු අවයව බද්ධ කිරීමට හැකියාවක් නොමැතිව මිය යන බවද ඔවුන් දක්වා තිබෙනවා. 2023 වසරේ දී දළ වශයෙන් වකුගඩු 27,000 ක් එක්සත් ජනපදය තුල බද්ධ කර ඇති නමුත්, එම අවයව සඳහා පොරොත්තු ලේඛනයේ 89,000 කට ආසන්න පිරිසක් සිටි බව දැක්වෙනවා. ශල්‍යකර්මයට සාර්ථකව මුහුණ දී සුවය ලබමින් සිටින රික් අදහස් දක්වමින් ඔහු ඉතාමත් සතුටට පත්ව සිටින බවත්, ඔහුට පමණක් නොව අවයව බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට මෙය නව ආරම්භයක් සනිටුහන් කරන බවත් පවසා තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා ක්‍රිකට් කණ්ඩායමට  වංගු ගැසූ ක්‍රිකට් පුහුණුකරු ඉවතට…

Next Post

ශ්‍රී ලාංකික නාවිකයෙක් සමග අනතුරට පත් වූ ඩාලි නෞකාවේ සිර වී සිටින නාවිකයන්ගේ ඉරණම…..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.