සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලාංකික නාවිකයෙක් සමග අනතුරට පත් වූ ඩාලි නෞකාවේ සිර වී සිටින නාවිකයන්ගේ ඉරණම…..

by lankasara-editor
අප්‍රේල් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

එක්සත්  ජනපදයේ මේරිලන්ඩ්, බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ, ඩාලි නම් නෞකාව ගැටී වූ අනතුර සිදුව අද වනවිට සතියකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. නමුත් මේ වනවිටත් ඩාලි නෞකාවේ සේවය කල නාවිකයන් අනතුරට ලක් වූ නෞකාවේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයන් වන අතර ඒ අතර එක් ශ්‍රී ලාංකික නාවිකයෙකු ද සිටින බව වාර්තා වල සඳහන් වනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ  ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටවීමට හැකි වන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් බලධාරීන් නිකුත්කර නැති බවයි.

ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලය

ඩාලි නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ අතරතුර, පාලමේ ගැටී අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සිට තිබෙනවා. ඉන් 20 දෙනෙකුම ඉන්දීය පුරවැසියන් බව ඉන්දියාව තහවුරු කර තිබෙන අතර එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය, අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයා ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන් කර තිබෙනවා. පසුගිය සතියේ ඉන්දියානු නිලධාරියෙක් මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් මැහුම් සහිත වූ සුළු තුවාල වලින් යුත් එක් සාමාජිකයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පවසා තිබෙනවා.

ඔවුන්ගේ වත්මන් තත්වය

ඩාලි නෞකාවේ සිටින නාවිකයන් සමග නිලධාරීන් කිහිප දෙනකුම සම්බන්ධ වී සිටින බව වාර්තා වනවා. නාවිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන ලාභ නොලබන සංවිධානයක් වන බැල්ටිමෝර් ජාත්‍යන්තර නාවිකයින්ගේ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ජෝෂුවා මෙසික් ඉන් එක් අයෙක්. ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ වයිෆයි හොට්ස්පොට් ඇතුළත් සත්කාර පැකේජයක් බෙදා හැරීමට කටයුතු කිරීමෙන් පසු කාර්ය මණ්ඩලය සමඟ වට්සැප් පණිවිඩ හුවමාරු කර ගත් බවයි. ඔහු නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිබඳව විස්තර කරමින් ඔවුන්ගේ තත්වය ගැන විමසන විට බොහෝ දුරට ඔවුන් නිහඬව සිටින බවත් ඔවුන් සමඟ සම්බන්ධ වූ කිසිම අයෙකුට ඔවුන් වැඩි විස්තර  නොපවසන බවත් පවසා තිබෙනවා.

බැල්ටිමෝර් හරහා එන නෞකා වලට සේවය කරන වැඩසටහනක් වන Apostleship of Sea පවත්වාගෙන යන ඇන්ඩෲ මිඩ්ල්ටන් පවසා ඇත්තේ  අනතුරින් පසු ඔහු දිනකට කිහිප වතාවක්  කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වී ඇති බවයි.  එම අවස්ථාවල පිලිතුරු වශයෙන් ඔවුන් සියල්ලන්ම හොඳින් සිටින බව පැවසූ බවත් ඔහු දක්වා තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටවිය හැක්කේ කවදාද?

බලධාරීන් පවසන පරිදි තවමත් නෞකාවේ නඩත්තු කටයුතු සිදු වෙමින් තිබෙන අතර කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටවීමට හැකියාවක් නැත. බැල්ටිමෝර් පාලම අසලින් නෞකාව රැගෙන යන තුරුම ඔවුන් එයින් පිටව නොයනු ඇති බවත් හේතුව එලෙස නෞකාවෙන් පිටවීමට අවසර ලබාගැනීම සංකීර්ණ හා දිගු ක්‍රියාවලියක් බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

සාමාන්‍ය තත්වයන් යටතේ පවා එක්සත් ජනපද වරායන් හි නෞකා වලින් විදේශීය ජාතික කාර්ය මණ්ඩල ගොඩබෑමට සැලකිය යුතු ලේඛන අවශ්‍ය වනවා. එනම් වීසා බලපත්‍රය ට අමතරව නාවිකයින්ට නැවෙන් පිටවීමට ඉඩ සලසන වලංගු වෙරළ බලපත්‍ර තිබිය යුතුයි. නාවිකයින් සමඟ වැඩ කරන විවිධ ලාභ නොලබන ආයතන මගින් එම කාර්යය ඉටු කළ හැකි වුවත් නැවේ සිට පර්යන්ත ගේට්ටුව වෙත යාමට ඔවුන්ට පරිවාර භටයන් ද අවශ්‍ය වන බව සඳහන් වනවා. ඩාලි නෞකාවේ කාර්ය මණ්ඩලය ට පිටවීමට අවශ්‍ය ලියකියවිලි තිබේද යන්න පිළිබඳ ව තවමත් පැහැදිලි නොවන අතර පරීක්ෂණ සහ නඩත්තු කටයුතු කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න අපැහැදිලි බවත් ක්‍රියාවලිය අවසන් වන තුරුම කාර්ය මණ්ඩලය නෞකාවේ සිටිනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩාලි නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ නිසා ඔවුන් සතුව ආහාර, ජලය සහ අනෙකුත් සැපයුම් තිබෙන බව සඳහන් වනවා.එමෙන්ම නාවිකයින් සමඟ කටයුතු කරන ලාභ නොලබන සංවිධාන ලබාදෙන පැකේජ ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති අතර, ආහාර ඊට ඇතුළත් වන බවත් සඳහන්ය වනවා. නමුත් මෙම සිදුවීම නෞකා කාර්ය මණ්ඩලයේ මානසික තත්වයට බලපානු ඇති බවත් ඔවුන්ට මානසික සෞඛ්‍ය සහය අවශ්‍ය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. – බීබීසී ඇසුරින්

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියල්ල සාර්ථකයි… ඌරු වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කළ කතාව…!

Next Post

බෝක්කුවකට යටවී පාසල් දරුවෙක් පාසල තුළ මරුට… පුද්ගලික ඉඩමක් සංවර්ධනයට ගෙනැවිත්  පාසල් බිමේ අනාරක්ෂිතව ගොඩ ගසා තිබිලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.