හැටන් රංජිත් රාජපක්ෂ –
තේ වත්තක සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇඟ මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඊයේ (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පාසල් සිසුවාගේ ඇඟ මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවී මෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු සිසුවා ජිවිතක්ෂයට පත් වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත







