කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වහා ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිනියට දැනුම් දී තිබේ.
මෙම තැනැත්තා අදාළ බාලිකාවේ ක්‍රිකට් පුහුණුකාර ධූරය දරත් දී වෙනත් බාලක පාසලක ද පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් බාලිකාවේ පුහුණු කිරීම් වලට ඔහුගේ හිතවතෙකු යොදවා පාසලෙන් මුදල් ලබාගත් බවට දෙමව්පියන් පිරිසක් පැමිණිලි කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සිද්ධිය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී බාලිකා විදුහලේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු වීමෙවල නිරතව සිට ඇත්තේ පාසල සමඟ ගිවිසුම් ගතව සිටි පුහුණුකරු සමඟ නොවන බව අනාවරණය වී තිබිණි.
මේ විමර්ශනයට අදාල වාර්තාව පදනම් කරගනිමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පුහුණුකරු ඉවත් කර සම්මුඛ පරීක්ෂණයක් මගින් වෙනත් සුදුසු අයෙකු ඒ සඳහා පත්කර ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
එම ලිඛිත දැනුම්දීම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිනියට යොමු කර ඇත.







