මිල වැඩිකිරීම හැර ගෑස් අර්බුදයට විසඳුමක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මේ බව ප්‍රකාශ කළේ ගෑස් අර්බුදය විසඳීම සඳහා අද (26) කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 5175ක් දක්වා මිල වැඩි නොකළහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසුවේය. එසේ නොකළහොත් ගෑස් සමාගමට දිනකට රුපියල් කෝටි 25ක පාඩුවකට මුහුණදීමට සිදුවෙන බවද ඔහු සඳහන් කළේය
එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි කී සභාපතිවරයා . ලෝක වෙළෙඳපලේ මිලට සාපේක්ෂව ගැලපිය හැකි මිල සූත්‍රයක් ගෑස‍් සඳහා ගෙන ආ යුතු බවද ඔහු කියා සිටියේය.







