මේ වනවිට පවතින දැඩි අයහපත් කාලගුණ තත්වය නිසා ඇති වී ඇති ආපදා අවස්ථා පිළිබඳ කළ තක්සේරුවකින් පසු මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා( 09) සහ අඟහරුවාදා ( 10 ) දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
පවතින තත්ත්වය තුල ගතවූ දෙදින තුළත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් වසා දමා තිබිණි.
දැඩි වර්ෂාව හේතුවෙන් මේ වනවිට ගිංගඟ නිම්නයට සහ නිල්වලා නිම්නයේ ප්‍රදේශ වෙත දැඩි ගංවතුර තත්ත්වයක් සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බද්දේගම ප්‍රදේශයේ දැනටමත් විශාල ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියයි..







