පසුගිය අගෝස්තු 25 වැනිදා දකුණු තලංගම කොරෑබ ප්‍රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන ජනක පුෂ්පකුමාර (43) නැමැති පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු වූ කොට සුපුන් ලෙස හදුන්වන හමුදාවෙන් පැනවිත් සැඟවී සිටින 24 හැවිරිදි කමාන්ඩෝ භටයෙක් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරන්නේ හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී කොට සුපුන් සමග කළ මුහුණට මුහුණ වෙඩි තබා ගැනීමක දී ඔහු මිය ගිය බවය.
අද (07) අළුයම වග ප්‍රදේශයේ රියල් ස්ටේට් හිදී මෙම වෙඩි හුවමාරුව සිදුවී තිබේ.
සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ වෙඩික්කරු විසින් ටී 81 ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත වෙඩි තබා ඇති බවත්. විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් සහ යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහායට ලක්ව ඝාතනය වූ කොට සුපුන් නැමැත්තා විසින් වෙඩි තබා ඝාතනය කර තිබුනේ බත්තරමුල්ල බන්ටි නැමැත්ති පාතාල අපරාධකරුගේ ඥාතියෙකි.
බත්තරමුල්ලේ බන්ටි දැන් විදේශතවි සිටින්නේ කළුතර එතනමඩලේ දී සමයං ඇතුළු පාතාලයේ පස් දෙනෙක් සහ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් ඝාතනය කළ අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස් වි සිටිය දී ය.
පසුගිය අගෝස්තු 25 වැනිදා ඝාතනය වන්නේ බන්ටිගේ සමීප ඥාතියෙකි. ඒ ඝාතනය සම්බනන්ධව පරීක්ෂණ කරමින් සිටි කණ්ඩායම මෙම සැකකාර ඝාතක කොට සුපුන් අත් අඩංගුවට ගැනිමට යෑමේ දි මෙම වෙඩි වැදීම සිදුවූ බව විමර්ශන අංශ කියයි.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







