සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැයෙන් පස්සෙවත් මිනිස්සු බනින එක අඩුවෙයි ද?. අස්ගිරි නා හිමි මුදල් ඇමතිගෙන් ඇසූ කතාව…

by editor
ඔක්තෝබර් 31, 2021 - Updated on නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (30) නුවර පැමිණි අයවැයට පෙර දළදා වැඳ මල්වතු අස්ගිරි මහා නායකය හිමිවරුන් බැහැ දැකීමට ගිය  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අයවැයෙන් පසුව හෝ මිනිස්සුන්ගෙන් බැනුම් අසන්නේ නැතිව ඉන්නට හැකි වෙත්දැයි අස්ගිරි නා හිමියෝ විමසූ බව වාර්තා වේ.

අස්ගිරි නා හිමියන් බැහැ දැක කළ   සාකච්ඡාවේ දී වැඩි වශයෙන් කොවිඩ්  වසංගතය පාලනය කර ඇති ආකාරය විස්තර කිරීමට මුදල් ඇමතිවරයා කටයුතු කර ඇත.  ඒ සඳහා රජය දරන විශාල වියදම පිළිබඳව ඔහු අස්ගිරි නා හිමිට පෙන්වා දී තිබේ. උන්වහන්සේ රටේ උද්ගත වී ඇති තත්වය විමසූ විට මුදල් ඇමතිවරයා කියා ඇත්තේ එන ආකාරයට මුහුණ දෙන බවය.

“එන විදිහටකට මුහුණ දෙන්න ඕන අපේ හාමුදුරුවනේ. ආර්ථිය ශක්තිමක් කරගන්න  තීරණ ගන්න  වෙනවා. ඒ තීරණ ගන්නෙම රටට අගතියක් වෙන්නෙ නෑ කියලා හිතලා. “

“අයවැයෙන් පස්සෙවත් මිනිස්සු බනින එක ටිකක් නවතී ද?. “ අස්ගිරි නා හිමියෝ විමසා තිබුණහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ජනතාවට සහන දෙන අයවැයක් තමයි මේ පාර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගුරුවරුන්ගෙ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඖෂධවලට යන පිරිවැය ඉතාම වැඩි නිසා තමයි අපට යම් තීන්දු ශක්තිමත්ව ගන්න බැරි වෙලා තිබෙන්නෙ. “. මුදල් ඇමතිවරයා කීවේය. මල්වතු නා හිමියන් හමුව කෙටියෙන් හමාර කර තිබිණි.

තවත් වැදගත් සිද්ධියක් වන්නේ නාහිමිවරුන් හමුවීමෙන් පසු මුදල් ඇමතිවරයා මාධ්‍ය හමුවීම ප්‍රතික්ෂේප කිරීමය.

අමාත්‍යවරයා ඇතුළු වූ වහාම මහ පන්සල්වල දොරවල් අගුලු දැමූ මුදල් අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ කිසිම මාධ්‍යවේදියෙක් ඇතුලු කර නොගන්නා ලෙස ඇමතිතුමා දැනුම් දුන් බව මාධ්‍යවේදීන්ට දැන්වූයේය.

මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැදැකීමට පෙර දළදා මාළිගා පරිශ්‍රයට ඔහු ඇතුළුවන අතර වදෙන් පොරෙන් ඔහුට කිට්ටු වූ  මාධ්‍යවේදීන් නොතකා ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔවුන්ව ගණනකට නොගනිමිනි.  වදෙන් පොරෙන් කීප දෙනෙක් ප්‍රශ්නයක් දෙකක් අසූහ.

යුගදනවි විදුලි බලාගාරය සම්බන්දව පක්ෂ 11 ක් පැවැත්වු සාකච්ඡාව පිළිබඳව ඔබ තුමා මොකද හිතන්නේ?

“තවම ඒ ගැන කල්පනා කර බැලුවෙ නෑ.

අයවැයට කලින්ද ඔබතුමා දළදා වඳින්න ආවේ.

“ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට ප්‍රථම දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න ආවේ.    රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවෙයි  කියලා හිතනවා.“

“මහජන බැංකුව බ්ලැක් ලිස්ට්කරලා නේද ඇමතිතුමා.“

“ඒ සම්බන්දව තවම මට දන්වලා නෑ.“

එසේ කියමින් පිටව ගිය මුදල් ඇමතිවරයා නා හිමිවරුන් හමුවීමට යන අවස්ථාවේ දී කිසිම මාධ්‍යවේදියෙකුට ඇතුළට පැමිණීමට අවසර නෙදෙන සේ දන්වා තිබිණි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙන්නෙ මොකක් ද කියලා සති දෙකකින් බලන්න… විමල්ට කරන දේ ලොකුගේ කියයි!

Next Post

අගරදගුරුහිමියෝ නිමල් ලන්සා කැන්සල් කරති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.