ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උත්තර ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම මැතිවරණ ප්‍රචාරක ගීතය “ යෙහී මෝදි – යෝගී – යූ.පී යෝගී, යූ.පී යෝගී… ආ…යේගි ඵීර් සෙ බී.ජේ.පී“ ලෙස මෙම තනුවට අදාල පද රචනය කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ජනතාව චන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදිට සහ මහ ඇමති අපේක්ෂක යෝගිට බවට වූ පණිවිඩය චන්ද දායකයන් වෙත යැවීම සඳහාය.
यूपी में फिर चलेंगी, मोदी-योगी की फिर हवाएं, सब गाएं,
सबके मन की ये भाषा, यहां दो-दो हैं आशा,
यहीं मोदी-यहीं योगी, उपयोगी, सहयोगी,
आएगी फिर से बीजेपी… pic.twitter.com/l67VLIaLdg— BJP (@BJP4India) January 16, 2022
ඉන්දියන් මාධ්‍ය ප්‍රකාශ කලේ සංවේදී සිංහල ගීතයක් වූ “මැණිකේ මගේ හිතේ“ ගීතය මේ ප්‍රචාරක වැඩසටහන සඳහා යොදා ගැනීම ආකර්ශනීය ප්‍රවේශයක් බවය.
ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.
මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් ගිය වසරේ බෙංගාලි අතුරු මැතිවරණය සඳහා භාවිතා විය.
ඒ සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසයේ මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි. සැප්තැම්බර් 30 බබානිපෝර් අතුරු මැතිවරණය පැවැත්විනි.
එහි දී “මැණිකේ“ අනුවාදය ඡන්ද සටනට යොදා ගත් සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසයේ මමතා බැනර්ජි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රියංකා ටිබ්‍රේවාල් ඡන්ද 58835 කින් පරාජය කරමින් ජයග්‍රහණය කළාය.
කියවන්න…