අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් අනුමැතියත් ගත්තු විමල්ලා ගේ  “ඉල්මනයිට් ඩොලර් කෙළිය“ විගණනයෙන් හෙළි වෙයි!

by editor
ජනවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලංකා ඛණිජවැලි සමාගම  විසින් ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 85000ක් විකිණිමේ ටෙන්ඩරය   ඉහළම මිල ඉදිරිපත් කළ ලංසුකරුට  ප්‍රදානය  නොකොට  තෙවන මිල ඉදිරිපත් කළ ලංසුකරුට ප්‍රදානය කිරිම නිසා  ඇමරිකානු ඩොලර්  1,547,000ක පාඩුවක්  ඛණිජවැලි සමාගමට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන  වාර්තාවක සදහන් වේ.

පසුගිය වර්ෂයේ මුල්‍ය වාර්තා ඉදිරිපත් කළයුතු වුවද  එම වාර්තා ඉදිරිපත්කොට  නොතිබියදිත්  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 01කට  ඇමරිකානු  ඩොලර් 147කට  එකඟවු  ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 85000ක ටෙන්ඩරය සඳහා  ලංසු 04ක් ලැබි තිබුණි.  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 01කට  ඇමරිකානු ඩොලර් 165.20ක ඉහළම මිල ලංසුව ඉදිරිපත් කළ ලංසුකරුගේ මිල ලංසුව  නිසි වගකිමකට බැදුණු  ලංසු සුරක්ෂණයක්  නොවන බව දක්වමින් ප්‍රතික්ෂේපකොට තිබුණි. එමෙන්ම ඇමරිකානු ඩොලර් 163 ඉදිරිපත් කළ දෙවන මිල ලංසුව  ඉල්මනයිට් මොට්‍රික්ටොන් 5000ක් සඳහා  පමණක් බව දක්වමින්  ප්‍රතික්ෂේපකොට තිබුණි.

ඇමරිකානු ඩොලර් 147 බැගින්  මෙට්‍රික්ටොන් 85000ක්  දින 130ක් ඇතුළත නිදහස් කිරිමට එකඟව තෙවන ලංසුකරුට  2020 ඔක්තෝබර් මස 28 වැනිදින  ඉල්මනයිට් විකිණිමේ ටෙන්ඩරය  ප්‍රදානය කොට තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 25000කට ඇමරිකානු  ඩොලර් 3 675 000ක් ගෙවා 2020 වර්ෂයේ අවසානයට  නිදහස්කරගෙන   ඇත්තේ  ඉල්මනයිට් මෙට්‍රික්ටොන්  5 032.86කි. 

එමෙන්ම 2021 වර්ෂයේ  මාර්තු මාසය අවසන්වනවිට  තවත් ඇමරිකානු ඩොලර් 2 940 000 ක ගෙවා  ඉල්මනයිට්  මෙට්‍රික්ටොන් 30000ක් පමණ ප්‍රමාණයක් ඉවත්කරගෙන ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඇමරිකානු ඩොලර්  5 880 000 ක්වූ ඉතිරි මුදල 2021 මාර්තුමස  අවසන්වන තෙක් ගෙවා නොතිබු බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ. 

කෙසේවුවද මේ සම්බන්ධව  කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දි සඳහන් කොට ඇත්තේ  අධ්‍යක්ෂක මණ්ඩලයේ හා කැබිනට් අනුමැතියෙන්  ඇමරිකානු ඩොලර් 147කට එකඟව ලංසුකරුට ටෙන්ඩරය  ප්‍රදානය කරඇති බවය.

උපරිම තරගකාරිත්වයක් තුළින් ඉහළ මිලක් ලබාගැනිමට කටයුතු කළයුතු අතරම ආයතනයට වාසිදායක  වන පරිදි තිරණ  ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතයේ බර පසෙක තබා තරගයට බර උස්සා රනින් රිදියෙන් දිනූ වන්නියේ දරු කැකුළු

Next Post

අපේ “මැණිකේ“ මෝදිගේ මැතිවරණ සටනේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.