නිශානි අත්තනායක –
රාත්‍රී අහසේ නවතම තරුවක් හදිසියේම තදින් දිදුල දීමට නියමිතය. ඒ අපේ කාලයේ දීප්තිමත්ම ‘නෝවා’තාරකා පිපිරීමත් සමගය.
මේ තාරකා විද්‍යාත්මක අසිරිය සිදුවන්නේ 1946න් පසු එනම් වසර 78කින් පසුවය. එනම් මේ සංසිද්ධිය මිනිසකුගේ ජීවිත කාලය තුළ එක් වරක් පමණක් අත්විඳිය හැකි අන්දමේ විස්මිතයකි.
T Coronae Borealis, “Blaze Star” නොහොත් T CrB ලෙසද හඳුන්වනු ලබන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000ක් පමණ දුරින් පිහිටි ද්විමය තරු පද්ධතියකි. රතු යෝධ තාරකාවක් සහ සුදු වාමන තාරකාවකින් සුසැදි ඒ යුවල උතුරු ඔටුන්න ලෙස හැඳින්වෙන ‘Corona Borealis,’ නමැති තරු පන්තියේ පිහිටයි.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/coronaborealis_381861829_1000.jpg)
T CrB යනු අපගේ මන්දාකිනියේ දැනට අප දන්නා, නැවත පුපුරා යාමට ලක්වන හෙවත් පුනරාවර්තන නෝවා පහෙන් එකකි. මේ ද්විමය පද්ධතියේ , සුදු වාමන තරුව සෑම වසර 80 කට වරක් හෝ ඊට වැඩි කාලයකදි සාමාන්‍ය ‘නෝවා’ පිපිරීමකට ලක් වේ.
පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත්තේ තාරකාවේ මෑත කාලීන හැසිරීම එහි අවසන් පිපිරුම දක්වා වූ කාලපරිච්ඡේදයට බෙහෙවින් සමාන බවය. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර ඔනෑම මොහොතක නව පිපිරීමක් සිදුවිය හැකි බව ඔවුන්යෝජනා කරයි.
එය දැන් ඕනෑම දිනක දර්ශනීය ලෙස පුපුරා යාමට නියමිතයි. සාමාන්‍යයෙන් පියවි ඇසින් දැකීමට නොහැකි තරම් අඳුරු වන T CrB, “නෝවා” ලෙස හඳුන්වන මෙම පිපිරීමේදී රෑ අහසේ දීප්තිමත්ම තරුවක් වන උතුරු තරුව පොලාරිස්ටත් වඩා දීප්තියකින් තාවකාලිකව බැබළෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සාමාන්‍යයෙන් T CrB හි දීප්තියේ විශාලත්වය +10 වන අතර එය පියවි ඇසට නොපෙනේ. T CrB එහි දීප්තියෙන් +2 පමණ විශාලත්වයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අපේ අහසේ 48 වැනි දීප්තිමත්ම තාරකාව වන Polaris තරම් ප්‍රබල ලෙස දිදුල දීමකි.*
NASA