සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි නැත්තටම නැතිවෙලා ඉවරයි… ඊලඟ යල කන්නයෙ නම් කාබනික පොහොර ගැන කියන්න එන්න එපා!

දිඹුලාගල ගොවි සංවිධාන 19ක් මාධ්‍ය හමුවක් කැඳවා කියයි!

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ඉදිරි යල කන්නයේදීත් වගා කරන්නට කියන්නේ  කාබනික පොහොරින් නම් ඒ ගොවිතැන හරියන්නේ නැති බවත් ජාතික ගොවි සංවිධාන හා එක්ව දිවි හිමියෙන් දැවැන්ත විරෝධතාවයක් ගොඩනැගීමට තමන් සූදානම් බවත්  දිඹුලාගල ඇල්ලෙවැව ගොවි අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ ගොවි සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

ඇල්ලෙවැව මහදමන කෙත් යායේදි අද පැවති එම මාධ්‍ය හමුවට    කොට්ටාශයේ ගොවි සංවිධාන දහ නවයක ගොවි නියෝජිතයෝ එක් වී සිටියහ.

ඇල්ලෙවැව මහවැලි කොට්ඨාශයේ මෙවර මහ කන්නයේ කුඹුරු අක්කර දාහකට  අධික ප්‍රමාණයක් වී වගා කළ බවත් ඉන් සියයට 75කම එකම වී කරලක්වත් මෙතෙක් පීදී නොමැති බවත් එම ගොවීහු පෙන්වා දුන්හ.

තමන් විසින් රජය දුන්  කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද වී වගාවට අත්ව ඇති  ඉරණම ඔවුහු එම අවස්ථාවේ දී සාධක සහිතව පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ රජයේ උපදෙස් අනුව අපි කාබනික පොහොර යොදලා වී වගා කළා.  දැන් ගොයමට මාස දෙකහමාරක් වෙනවා. තාම පීදිලා  නෑ.  අපේ කොට්ටාසයේ ගොවීන් අක්කර දාහක් පමණ වී වගා කරලා තිබෙනවා. ඉන් සියයට 75 කම එකම වී කරලක් වත්   පීදිලා  නෑ. රුපියල් විසිදාහ, විසි පන්දාහ    දීලා යූරියා ගහපු ගොවීන්ගේ කුඹුරු පමණක් හොඳට  පීදිලා   තියෙනවා.“

“සාමාන්‍යයෙන් කුඹුරු අක්කර දෙකහමාරක් කරන්න ගොවියෙකුට රුපියල් ලක්ෂ  එකහමාරක් පමණ මෙවර වියදම් ගියා. කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු වගා කරලා පාඩු වෙච්ච ගොවීන්ට රජයෙන් රුපියල් ලක්ෂයක්  වන්දි දෙනවා  කියලා කිව්වා. අපි  කියනවා ඒ මුදල අපිට මදි කියලා.  අක්කර දෙකහමාරකට රුපියල් ලක්ෂ දෙකක් වත් දුන්නොත් තමයි අපිට පාඩුව පියවා ගන්න පුළුවන් වෙන්නේ. “

“ගොවීන් හැටියට අපි රජයට බල කරනවා මේ ලබාදෙන වන්දි මුදලත් ඉක්මනට ලබා දෙන්න කියලා. ඒ වගේම   ලබන යල කන්නයේ කාබනික පොහොර ලබා දීමට සූදානම් වෙන්න එපා. එහෙම කරලා අපිව මහ පාරවල් වල උද්ඝෝෂණ වලට යොමු කරන්න එපා  කියලත්  කෘෂිකර්ම ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත්,   තරයේ කියා සිටිනවා.“ යයිද කොට්ඨාස   ගොවිසංවිධාන සභාපති තිලකරත්න  වැඩිදුරටත් සඳහන් කළේය.

විනාස වූ වගාව පෙන්වමින්…

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ,  ඇල්ලෙවැව කෙත් යායේ වී වගාවට රතු  දිලීරයක් හටගෙන ඇති බවත් ඒ සඳහා රසායනක තෙල් බෙහෙත් නොමැතිකම නිසා දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්ය.

මෙම තත්වය යටතේ තමන්ට මෙවර මහ කන්නයේ   අක්කර දෙකහමාරකින් වී කිලෝ  500 ක් වත් ලබා ගැනීමට නොහැකි මට්ටමක් තිබෙන බව ගොවීහු කීහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් 7කට නව පාලම් 66ක්

Next Post

පාස්කු විමර්ශන ඉදිරියට නොයන්නෙ ඇයි?. අපිටත් ප්‍රශ්නයක්.-  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.