දිවයිනේ පළාත් 07 ක් ආවරණය වන පරිදි පාලම් 66 ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කුවේට් රජය මූල්‍ය ආධාර සපයයි.
ජනාධිපතිවරයාගේ “ සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති මාලාව යටතේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙනමෙය ක්‍රියාත්මක ය.
වසර 03 ක් ඇතුලත මෙම පාලම් 66 ම ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට නියමිතය.
ජාතික මාර්ගයන් හි පවතින පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමත් , පටු පාලම් පුලුල් කර ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පාලම් භාවිතා කරන මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් ගමන් කාලය අවම කර ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම ගංවතුර , නාය යෑම් වැනි හදිසි ආපදා තත්වයක් යටතේ වුවද රට පුරා මාර්ග ජාලය තුල බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇත
ඉදිරියේ දී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිත බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.









