මේ වනවිට ක්ෂේත්රය තුළ දැඩි අප්‍රසාදයට පත් වී ඇති වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහට කැබිනට් අනුමැතියෙන් තවත් සේවා දිගුවක් ලබා දීමට සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇතැයි වාර්තා වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යා භාර්ය සම්බන්ධව කිසිම අත්දඇකීමක් හෝ හැදෑරීමක් රහිත මෙම අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය සමග රාජකාරි කටයුත්තක් සඳහාවත් සංවාදයක යෙදීමට නොහැකි වීම, දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු කටයුතු සම්බන්ධව ඇති අනවබෝධය නිසා බරපතල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව නිසි ශාස්ත්‍රීය මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් බරපතල වාර්ගික ප්‍රශ්න තෙක් එම ගැටලු වර්ධනය වීම, තම දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබඳව හෝ ඔවුන්ගේ කාර්ය භාර්යය පිළිබඳව අනවබෝධයෙන් ජනාධිපතිවරයාටත් ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධව ඇය විෂය ක්ෂේත්රය තුළ දැඩි අප්‍රසාදයට සහ කණස්සල්ලට හේතු ඇති කර තිබෙන බව දැනගන්නට ඇත.
විෂය භාර ඇමතිවරයා වන විදුර වික්‍රමනායක තමන් යටතේ පවතින ප්‍රධාන ජාතික වැදගත්කමක් ඇති ආයතනය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් වැඩ කරනවා වෙනුවට කාන්තා පාර්ශවයන්හි කේලම් අසමින් එහි නිර්දය සතුරෙක් ලෙස කටයුතු කිරීම සම්බන්ධව විවේචනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ ඇමතිවරයා සම්බන්ධව තිබේ.
දෙපාර්තමේන්තුවේ දශක ගණනක සේවය සම්පූර්ණ කර ජාතික හා ජාත්‍යාන්තර අත්දැකීම් සපුරා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත නිලධාරීන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී ඔවුන්ගේ වෘත්තීය අනාගතය පමණක් නොව දෙපාර්තමේන්තුවේ පැවැත්ම ද විනාශ කර පුද්ගලික පළි ගැනීමේ ප්‍රාථමික ස්වරූපයෙන් ඇමතිවරයා සිදුකරන මේ සදාචාරාත්මක නොවන දේශපාලන මැදිහත්වීම මින් පෙර සිදුකර තිබුණේ මහින්ද රාජපක්ෂ සංස්කෘතික ඇමතිවරයා විසිනි.
ඉතිහාසයේ ප්‍රථම වරට සිය දේශපාලන බලය යොදා හමහින්ද රාජපක්ෂ සංස්කෘතික ඇමතිවරයා රටේ වැදගත්ම ශාස්ත්‍රීය ආයතනයට දේශපාලන පත්වීමක් කරමින් ආචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කළේය. දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්යය සහ වගකීමේ බරපතලකම සම්බන්ධව ආචාර්ය අනුර මනතුංගට අවබෝධයක් නොතිබුනා පමණක් නොව, ශාස්ත්‍රීය විද්වතෙකුට නොගැලපෙන ලෙස තමන් පත් කර එවූ දේශපාලන අධිකාරිය සතුටු කරන ආකාරයේ තීන්දු ගැනීමට ද ඔහුට සිදුවිය.
අවසානයේ දී තීරණාත්මක ගැටලුවක් පැමිණි අවස්තාවේ ඊට මුහුණ දීමට තරම් වෘත්තීය පෞරුෂයකින් තොරව ඔහු හිටිවනම තනතුර හැර ගියේය. ඉන් දෙපාර්තමේන්තුවම බරපතල අර්බුදයක් කරා ඇදවැටුනේය.
එම ප්රශ්නය විසඳනවා වෙනුවට එය තවත් සංකීර්ණ කරමින් ශාස්ත්‍රීය ආයතනයක දේශපාලන පත්වීම්වල අගතිගාමී දිගුවක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන අංශයේ කෙටි කාලයක් සේවය කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ වැඩ බලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනාරාල්වරයා වශයෙන් දේශපාලන ආශීර්වාද සහිතව පත් කරගත්තේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය ඉතාම සංකීර්ණ තත්ත්වයකට පත් වී ඇති අවස්ථාවක දෙපාර්තමේන්තුවේ වගකීම සම්බන්ධව හරසක් නොදත් වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියට සේවා දිගුවක් ලබා දීමට සැලසුම් වී ඇත්තේ ඇය ලබන මස විශ්‍රාම ගැනීමට නියමිතව තිබියදී බව වාර්තා වේ.