විශේෂ පොලිස් මෙහෙයුමකින් පසුව මීගමුව පොලිසිය විසින් ඊයේ කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණු මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද පස්වරුවේ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද අතර ඔහු හෙට දින යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් කේ.සී ගුණදාස මහතා නියෝග කළේය.
ඊයේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට සම්බන්ධ මත්දුව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් බන්ධනාගාර වූ විට විශේෂ පහසුකම් සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සහය ලබා දීම පිළිබඳව වන චෝදනා විමර්ශණය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නිලධාරීන් හට භාර දුන්නේය.
අද දින මහේස්ත්‍රාත්වරයා හමුවට ඔහු ඉදිරිපත් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි.