සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර උතුර ජල සම්පාදන  ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නෑ… ජනපති සහතික වෙයි…

ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අවධාරණය කළේය.

එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය  ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වා තිබේ.

මෙහි පළමු  අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය පාලන සමයේ සැලසුම් කළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බවත්ය.

දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් එකට එක්වන ලෙස සියලු පාර්ශ්ව වෙත නැවත ආරාධනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කදුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටළුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.

ගොවි ජනාවට ගැටලුවක් නෑ… සහතිකයි!

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මෙම ප්‍රදේශවල ජනතාව පීඩාවිඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලය ද ලබාදිය යුතුයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැතිවෙයිද කියා ඇතැමුන් තුළ සැකයක් මතුව තිබෙනවා. නමුත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප ඒ පිළිබඳව වගබලා ගන්නවා.

මේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍යයි. ඒ වගේම නිවාසවලට ජලය අවශ්‍යයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාවද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවට මම පොරොන්දු වෙනවා.

ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීමක් ප්‍රශ්නයක් වුනා…

පසුගිය ආර්ථික අර්බුදය නිසා අපට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුත්ත අවසන් කිරීමට හැකිව තිබෙනවා.  මෙම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා.

2022 මම මේ ආණ්ඩුව භාර ගත්තේ ඒ සඳහා වෙන කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා බව ඔබ දන්නවා. ඉන් පසුව විවිධ පක්ෂවල  සහාය ඇතිව අපි ආණ්ඩුවක් ඇතිකරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. එවන් අසීරු තත්ත්වයකින් තමයි අප මෙය ආරම්භ කළේ.

එදා අප සමග බොහෝ දෙනෙක් හිටියේ නැහැ. ඇතැම් අය කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. එදා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. මෙවන් තතත්වයක් තුළ ඡන්දයක් පවත්වන්නේ කොහොමද, අපට අවශ්‍ය වුණේ ඉස්සෙල්ලම මේ ප්‍රශ්න ටික විසඳගෙන නියමිත කාලයේදී මැතිවරණ පවත්වන්න.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් අප මේ වන විට බොහෝ වැඩකොටසක් සිදුකර තිබෙනවා. නමුත් අප තවම ණය බරින් නිදහස් වී නැහැ. ණය ගෙවීම  සඳහා සහනයක් ලෙස ණය ගෙවීමට තව වසර 20ක් ලැබෙයි. අපි කඩිනම් ආර්ථික පරිවර්තනයකට යොමු නොවුනහොත් ඒ ණය ගෙවන විට තව ණය ගැනීමට සිදුවෙනවා.

අපි මේ රට භාරගන්න අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. පළමුව සිදු කළ යුතුව තිබුණේ  මෙම අවශ්‍යතා ඉටු කිරිමයි. යුදමය අවස්ථාවලදී, ආණ්ඩු කඩා වැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මෙම මූලික අවශ්‍යතා සපුරාලීමයි.

ලෙනින්න මැතුතිමා කළේත් අප කළ දේ

ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ.

අපත් පළමුව කටයුතු කළේ  රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕන කෙනෙක්ට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. එම ස්ථාවරභාවය අද ඇති කර තිබෙනවා.

දෙවනුව අප ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සඳහා අපට වී වගා කරන්න ඇමරිකාවෙන් පොහොර ලබා දුන්නා. 2022, 2023 වගා කටයුතුවලින් අපට හොඳ අස්වැන්නක් ලැබුණා. අපි ජනතාවට අවශ්‍ය සහල්, පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා.

තෙවනුව තිබුණේ ඉඩම් ලබාදීම. අපි ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියද එම ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව බෝග හඳුන්වා දීම සිදු වෙනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි. අප එදා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් අද අපට හිඟා කන ජාතියක් වීමට සිදු වන්නේ නැහැ.

ඒ වගේම නව කර්මාන්ත රට තුළට ගෙන ඒමට, එමෙන්ම සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. ආහාර සපයාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදිය යුතුයි. පසුගිය වසර දෙක තුන තුළ රැකියා ලබා දීමක් සිදු කර නැහැ. තව වසර පහක් හයක් රැකියා නොමැතිව මෙහෙම බලාගෙන ඉන්නත් බැහැ. අපි කඩිනමින් විදේශ ආයෝජන ලබාගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහාවන  ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය වෙනුවෙන් නව නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු.

එකතු වෙමු… බෙදී හිඳීමෙන් ජනතාවට ලැබෙන දෙයක් නෑ…

අපට මැතිවරණ කාලයේදී වෙන් වෙලා තම තමන්ගේ දේශපාලනය කළ හැකියි. නමුත් ඡන්දයෙන් පසුව නැවත එකතු විය යුතුයි. එවන් ක්‍රමයක් තමයි අපි ඇති කළ යුත්තේ. අපි බෙදී සිටීමෙන් ගමේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. අදත් මම සියලු දෙනාට කියන්නේ අපි එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුව වෙනුවෙන් හෝ විපක්ෂය වෙනුවෙන් එකතුවෙන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. අපි එකතුවෙන්න ඕන ජනතාව වෙනුවෙන්. සියලුදෙනා එකට එකතුවුවහොත් මේ වැඩකටයුතු අපට වේගයෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙනවා.

උතුරු මැදට ජලය ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී කාර්යයක් බව කිවයුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම ජල ව්‍යාපෘති වගේම උතුරු මැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා. මෙම ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේනම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මෙම පළාත පත් කරන්න පුළුවන්.

ඒ වගේම වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේවන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මේ තුළින් විශාල ආර්ථික ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් මම සියලුදෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා කනදරාවේ ගොවීන්ගෙන් ජනපතිට දැනෙන සුළු විරෝධයක්! ගොවීන් ජනපතිට එරෙහි වූයේ ඇයි?

Next Post

මහනුවර  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී  වසන්ත යාපා සමග  ගැටුන ගුණතිලක රාජපක්ෂට ටික වෙලාවකින්  පසු  හෘදයාබාධයට ලක්වෙයි !   ප්‍රකට පුද්ගලික රෝහලකට ඇතුළත් කරයි.. !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.