චීනයේ එවර්ග්‍රෑන්ඩ් සමූහයට ඇමරිකානු ඩොලර් බිලියන 13ක් වැයකර ඉදිකළ කෘතිම දූපත් ගොඩනැගිලි 39ක් කඩා ඉවත් කරන ලෙසට නියෝග කර තිබේ.
මෙම සමූහ විසින් අදාල කෘතිම දූපතේ නිසි පාරිසරික තත්ත්ව වාර්තාවකින් තොරව සිය ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ අනුව කඩා දැමීමට සිදුවන ගොඩනැගිලි 39යේ නිවාස 3900ක් ඉදිකර තිබීමද වීශේෂත්වයකි.
මේවන බුන්වත් තත්ත්වයට පත්ව ඇති එවර්ග්‍රෑන්ඩ් සමූහයට මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 300කට අධික ණය බරකින් පෙළෙන අතර එය චීන ආර්ථිකයට බලපෑමක් කිරීමට සමත්ව ඇත.
එවර්ග්‍රෑන්ඩ් සමාගම චීනයේ විශාලතම දේපල වෙළඳම් සමාගමක් වන අතර එය පසුගිය කාලයේදී සිදු කළ ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දී තිබේ.







