බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ගෙවන්න ඩොලර් හොයන ආණ්ඩුවට ජනතාවගේ බඩගින්න ගැන සුමන්තිරන් මතක් කරදෙයි

by Lanka Sara Editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කුමන දුෂ්කරතාවයන් තිබුණ ද විදේශීය ණය වාරික ගෙවීම පැහැර නොහරින බවට දැඩි මතයක් දරන රජයට ‘රටේ ජනතාවට කුසගින්න නිවාගැනීමට තරම් ආහාර තිබේද ?’ යන මූලික ප්‍රශ්නය අමතක වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී M.A සුමන්තිරන් මහතා පවසයි.

රටක ප්‍රෞඩත්වය යනු නිසි කලට වේලාවට ණය ගෙවීම පමණක් නොව, රටේ ජනතාව කුසගින්නේ නොතැබීමට වගබලා ගැනීම ද බව වත්මන් රජයට මතක් කර දීමට සිදුව ඇතැයි ද හෙතෙම කියා සිටී.

රට මේ වන විට මුහුණ පා සිටින මෙම තීරණාත්මක අවස්ථාව සැලකිල්ලට ගනිමින් ජනවාරි මස 27 වන දින ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් කිහිප දෙනෙක් මෙම ආර්ථික අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේදැයි පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්රැස් වී ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ආරාධනා කර තිබුණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය සතුවන ආයතනය වන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වශයෙන් තම වගකීම හඳුනාගනිමින් පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව මන්ත්‍රීවරයා කියාසිටී.

සාකච්ඡාවේදී අවධානයට යොමුවූ කරුණු පිළිබඳ මන්ත්‍රීවරයා පහත පරිදි නිවේදනය කර ඇත.

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට සාමූහික ප්‍රතිචාරයක්

මේ වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බව නොරහසක් වන අතර එකී අර්බුදය හේතුවෙන් රටේ ජනතාවට දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ. ඉතාම අවාසනාවන්ත තත්වය වී ඇත්තේ ආර්ථික අර්බුදය නිසා වඩාත්ම අපහසුතාවයන්ට පත්ව ඇත්තේ රටේ දර්ද්‍රතාවයෙන් පෙළෙන සහ අඩු ආදායම් ලබන ජනතාව වීමයි.
මෙම තත්වය හමුවේ රජය හමුවේ ඇත්තේ විශාල අභියෝගයකි. එමෙන්ම මෙම අසීරු අවස්ථාවේදී රටක් වශයෙන් අප සියලු දෙනාම එකට එක්ව කටයුතු කරමින් මෙකී ආර්ථික අභියෝගයන් ජයගැනීමට කටයුතු කල යුතු වේ.
එහෙත් අප මුහුණ පා සිටින මේ දැවැන්ත ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස රජය විසින් ගනු ලබන තීරණයන් හේතුවෙන් ප්‍රශ්න රාශියක් පැන නැගී තිබේ. මෙම අර්බුදය හමුවේ රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ විදේශ ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් වන අතර ඒ හේතුවෙන් රටේ විදේශ සංචිත සීඝ්‍රයෙන් පහළ ගොස් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. කුමන දුෂ්කරතාවයන් තිබුනද විදේශීය ණය වාරික ගෙවීම පැහැර නොහරින බවට දැඩි මතයක් දරන රජයට ‘රටේ ජනතාවට කුසගින්න නිවාගැනීමට තරම් ආහාර තිබේද ?’ යන මූලික ප්‍රශ්නය අමතක වී තිබේ. රටක ප්‍රෞඩත්වය යනු නිසි කලට වේලාවට ණය ගෙවීම පමණක් නොව රටේ ජනතාව කුසගින්නේ නොතැබීමට වගබලා ගැනීම ද බව වත්මන් රජයට මතක් කර දීමට සිදුව තිබේ.
රට මේ වන විට මුහුණ පා සිටින මෙම තීරණාත්මක අවස්ථාව සැලකිල්ලට ගනිමින් ජනවාරි මස 27 වන දින ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් කිහිප දෙනෙක් මෙම ආර්ථික අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේදැයි පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්රැස් වූහ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති වශයෙන් මා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ආරාධනා කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය සතුවන ආයතනය වන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වශයෙන් තම වගකීම හඳුනාගනිමින් පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගී විය.
වත්මන් ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව තම ඉතිහාසය පුරාවට අත් නොවිඳි දැවැන්ත අර්බුදයක් බව අප විසින් හඳුනාගන්නා ලද අතර ඊට හේතු පහත පරිදි වේ.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පෙර නොවූ විරූ ලෙස පහත වැටී, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළෙන් ණය ගැනීමට නොහැකි තත්වයට පත්ව තිබේ. 2020 අප්ප්‍රේල් මස සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවන් අහිමි වී තිබේ.

මෙම තත්වය තුළ ඩොලර් වලින් ගෙවිය යුතු ණය වාරික පියවිය යුත්තේ රටේ විදේශ සංචිත භාවිතා කරමිනි. මේ හේතුවෙන් රටේ විදේශ සංචිත ප්‍රමාණය සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත මසකට අවශ්‍ය කරන ආනයන වලටවත් ප්‍රමාණවත් නොවේ. මෙය නිදහස ලැබූ දින සිට රට සතුව තිබූ අවමම විදේශ විනිමය ප්‍රමාණයයි.

2020 වසරේදී ණය පොළී වියදම රජයේ ආදයමෙන් 70% කි. මෙය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන අතර ගෝලීයව වාර්තා වූ ඉහළම ණය පොළී වියදම් අනුපාතයකි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 120% ක් පමණ වේ. එය ලංකා ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වන අතර පසුගිය වසර දෙක තුළ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 95% සිට 120% දක්වා ඉහළ ගොස් තිබේ. මෙය රටේ ණය ප්‍රමාණය අති විශාල ලෙස වැඩිවීමකි.

මෙකී සෑම කරුණක් මගින්ම පැහැදිලිව පිළිඹිබු වන්නේ දැවැන්ත ආර්ථික අභියෝගයන්ය. මෙකී සියලුම අභියෝගයන්ට එක්වර මුහුණ දීමට සිදුවීම හේතුවෙන් රටක් වශයෙන් කෙටිකාලීන හා දිගුකාලීන අර්බුදයන්ට මුහුණ දීමට අපට සිදුව තිබේ.

මෙම සන්දර්භය තුළ මහ බැංකුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නියමිත වේලාවට විදේශ ණය ගෙවීම උදෙසා ප්‍රමාණවත් තරම් ඩොලර් රඳවා ගැනීමයි. මෙසේ ණය ගෙවීම සඳහා ඩොලර් වෙන්කර තබා ගැනීම හේතුවෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාගැනීමට ඩොලර් හිඟ වී ඇති අතර ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන ආහාර, බෙහෙත් සහ ඛනිජ තෙල් ආනයනය සීමා කිරීමට රජය කටයුතු කොට තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති පෝළිම් මෙන්ම විදුලි කප්පාදුවන්ද මේ වන විට සුලබ අත්දැකීම් බවට පත්ව තිබේ. අත්‍යවශ්‍ය ආනයන්ට අවශ්‍ය ඩොලර් නිසිලෙස ලබාදීමට රජය කටයුතු නොකලහොත් වසරේ ඉදිරි මාස කිහිපය තුල මෙම තත්වය තවත් දරුණු අතට හැරීම වැළැක්විය නොහැක.

මේ වන විටත් දුරදිග නොබලමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් රට පුරා ගොවීන් දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති අතර ආහාර අර්බුදයක සේයාවන්ද දැකගත හැකිය. රජය විසින් අනුගමනය කරන ණය කළමනාකරණ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ද පොහොර ප්‍රතිපත්තිය සේම ගැටලුවට නිසි විසඳුමක් ලබා නොදෙමින් රට තවදුරටත් ආගාධයට ඇද දමමින් සිටී.

අප පවත්වන ලද සාකච්ඡාව අතරතුරදී දේශපාලන නියෝජිතයන්ට ඔවුන්ගේ බල ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූ අතර මෙම සාකච්ඡා හරහා කඩිනමින් අවධානය යොමුකිරීමට අවශ්‍ය තීරණාත්මක ගැටලු හඳුනාගන්නා ලදී.

එකවර ගෙවීමට ඇති විශාල විදේශ ණය ගෙවීම් සිදුකිරීම සඳහා මහබැංකුව විසින් ඩොලර් රඳවාගැනීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී ඩොලර් හිඟයන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් ඇතිවී තිබෙන බවත් සාකච්ඡාවේදී එකඟ වෙන ලදී. මහ බැංකුවේ මෙකී ක්‍රියාමාර්ග නිසා රටේ ජනතාවන්ට අනේකවිධ අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති අතර රටේ ආර්ථිකයට ද දීර්ඝකාලීන අහිතකර බලපෑම් එල්ල වී තිබේ. අනෙක් අතට මෙකී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර මිලදී ගත් ආයෝජයකයන් අතිවිශාල මූල්‍ය ප්‍රතිලාභ ලබාගනිමින් සිටී.

ඒ අනුව රට මුහුණපාන තීරණාත්මක ආර්ථික අභියෝග වලට සාර්ථකව මුහුණ දීමේ පළමු පියවර ලෙස මෙම ආර්ථික අර්බුදයෙන් බැටකන අඩු ආදායම් ලාභීන් ආරක්ෂා කිරීමටත්, ණය ගෙවීම පමා කිරීමටත් ශ්‍රී ලංකා රජය විසින් කඩිනමින් පියවර ගත යුතු බවට දේශපාලන නියෝජිතයන් අවධාරණය කළහ. සහභාගී වූ මන්ත්‍රීවරුන් තවදුරටත් පවසා සිටියේ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් වශයෙන් වත්මන් අර්බුදයට හේතු වූ ව්‍යුහාත්මක ගැටලු විසඳීමට අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කල යුතු බවයි.
රට මුහුණපාන විවිධ අභියෝග හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවට සාධාරණ සහ තිරසාර විසඳුම් ලබාදෙන බව තහවුරු කිරීම උදෙසා ඉදිරියේදී ද එක්ව කටයුතු කිරීමට මෙම දේශපාලන නායකයන් කණ්ඩායම අපේක්ෂා කරයි. මහජන නියෝජිතයන් වශයෙන් රට මුහුණපා ඇති මෙම අසීරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපි එක්ව කටයුතු කල අතර එසේ කටයුතු කිරීමේදී රටේ ජනතාවට මෙන්ම අනාගත පරපුරටද සාධාරණ ඉටුවන තීරණ ගන්නා බවට තහවුරු කිරීම අප සතු යුතුකම වේ.

එම්.ඒ. සුමන්තිරන්

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්ත අසරණ වුණු චීන දැවැන්තයා

Next Post

තට්ටු ගොඩනැගිල්ලකින් පැන සිය දිවි නසා ගත් ඇමරිකානු රූ රැජන – චෙස්ලි ක්‍රිස්ට්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.