මේ වනවිට ලංකාවේ වැඩිම සංවාදයට ලක් වී ඇති පක්ෂියාවන කපුටා අද (27) අන්තර්ජාතිකව අගය කරනු ලබයි. අද අන්තර්ජාතික කපුටන් අගය කිරීමේ දිනයයි.
කපුටා සත්ත්ව විද්‍යාත්මක ව අයත් වන්නේ, ‘කෝවිඩේ’ කුලයට ය. කපුටන් වර්ග දෙකක් අප රටේ දැකිය හැකිය. ඒ ගෘහාශ්‍රිත කපුටා හා කළු කපුටාය.
ගෘහාශ්‍රිත කපුටා හෙවත් කොළඹ කපුටා යම් අළු පැහැති වර්ණයකින් යුතුය. කළු කපුටා තද කළු පැහැයකින් යුක්ත ය.
ජන සමාජය තුළ මෙම පක්ෂීන් බොහෝ විට හඳුනාගනු ලබන්නේ කෑදර, කුණු කසළ කරන්නන් හෝ මරණයේ පෙර නිමිත්තක් ලෙසය. ලොව පුරා සංස්කෘතීන් හා බැඳුණු විශ්වාසවල මේ අදහස දක්නට ලැබේ. එම අදහස් ප්‍රකාරව කපුටන් බොහෝ විට අලාභය සහ අසුබ පෙර නිමිත්ත සම්බන්ධ කතා කරන කුරුල්ලෙකි.
කෙසේ වෙතත්, කපුටන් ඉතා බුද්ධිමත් බව සඳහන් කිරීම වැදගත්ය. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කපුටන්ට අනාගතය සැලසුම් කිරීමට අතීත අත්දැකීම් භාවිතා කිරීමට හැකි බවය.







