සමගි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංගය ප්‍රමාද වීමෙන් පැහැදිලි වන්නේ එහි කිසියම් ඩීල් එකක් පවතින බව යැයි හිටපු අමාත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.
“විශ්වාස භංගයට විලිරුදාව හැදිලා දැඟලුවත් තවමත් එය එළියට එන්නේ නෑ“ යැයි පවසන වාසුදේව නානායක්කාර මෙතෙක් එය ප්‍රමාද කිරීමට කිසියම් රහසක් පවතින බව පෙනෙන්නට ඇති බව කියයි.
එම රහස කුමක්දැයි තමා නොදන්නා නමුත් නුදුරේදීම ඒ රහස එළිකරගන්නා බවත් හෙතෙම පවසයි.
පක්ෂ 11 ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව ඊයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකින් පසු වාසුදේව නානායක්කාර මේ බව සඳහන් කර තිබිණි.
ඔහු කීවේ මෙසේය.
“ විශ්වාස භංග යෝජනාව අපේ අතට පත්වන තුරු අප බලාගෙන සිටිනවා. එයට අත්සන් තබන්න … නමුත් එය එන්නෙ නෑ. විශ්වාස භංගයට විලිරුදාව හැදිල දඟලනවා. නමුත් එළියට එන්නේ නෑ. මෙහි කුමක් හෝ රහසක් තියන බව මට හැඟෙනවා. ඒ රහස මොකක්ද කියලා මං දන්නෙ නෑ. නමුත් මම ඒ රහස සොයමින් සිටිනවා. “
“ අගමැති යා යුතුයි හා ජනාධිපති යා යුතුයි කියනවා. නමුත් අපට අවශ්‍යව තිබෙන්නේ තර්ක කරමින් බලා සිටීම නොවෙයි. අපට අවශ්‍ය තිබෙන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදා ගැනීමයි.“
වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයා පැවසුවේය.







