විශ්ව ශක්තිය හා බැඳුණු හාස්කම්වලින් ජනතාවගේ දුක් ගිනි නිවීම සඳහා අධ්‍යාත්මික සුවිසැරියක නිරත බව ප්‍රකාශිත උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා අවුරුදු 9 -12 අතර කුඩා පිරිමි දරුවන් 09 දෙනෙක් යොදා ගනිමින් අසභ්‍ය චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය කර පිටරට කාමුක වෙබ් අඩවි සඳහා අලෙවි කර ඇති බව විමර්ශන අංශ මේ වනවිට හෙළි කරගෙන තිබේ.
මෙම කුඩා දරුවන් ජාඇල, වත්තල, කඩුවෙල, තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
අප්‍රසන්නම සිද්ධිය වන්නේ විශ්වයේ හාස්කම් අත්දකිමින් අධ්‍යාත්මික ගමනක යෙදෙන බව මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ලබානෙ දේවියන්ගේ දූතයෙක් ලෙස පෙනී සිටි මෙම තැනැත්තා විසින්ම එම කුඩා දරුවන් ලිංගික අපචාරයට ලක් කරන ආකාරයේ වීඩියෝ චිත්‍රපට ඔහු විසින්ම නිර්මාණය කර තිබීමය.
ඔහු සතු අතුරුගිරියේ සුඛෝපභෝගී නිවසක මෙන්ම, ඇඳන් නානාකාමර පහසුකම් සහිත ඔහු සතු අධි සුඛෝපභෝගී බස් රථයක් තුළ මෙම නොදරුවන් අපචාරයට ලක් කර තිබේ.
මෙම පුද්ගලයා අචාර්ය උපාධියක් සහිත විද්වතෙක් ලෙසත්, ජාතියේ ගෞරවයට ලක් වූ බවට ප්රකාශවන දේශමාන්‍ය ගෞරව සම්මාන ලාභියෙක් ලෙසත් දේශමාන්‍ය ආචාර්ය කීර්ති බටගොඩ ලෙස මාජය ඉදිරියේ පෙනී සිටියේය.
පොලිස් විමර්ශකයන් මේ තැනැත්තාගේ ජංගම දුරකථනය වෝහාරික පරීක්ෂණයකට ලක් කර ඔහු වට්ස්ඇප් ඔස්සේ සිදුකළ සියලුම අපාචාර පොළඹවා ගැනීම් හෙළි කරගෙන ඇත.
ලැබුණ තොරතුරු මත පුරා මාස තුනක් තිස්සේ කරන ලද අතිශයින්ම සූක්ෂම තාක්ෂණික මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ වනවිට ඔහු සතු විශ්වාස කළ නොහැකි වත්කම් ප්‍රමාණය සම්බන්ධව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.
ඩිෆෙන්ඩර් වර්ගයේ වාහන දෙකක්, ප්‍රාඩෝ වර්ගයේ වාහනයක්, බීඑම්.ඩබ්ලියු ඛාණ්ඩයේ වාහන දෙකක්, ඇඳන් නානා කාමර සහිතව සැකසූ අධි සුඛෝපභෝගී බස් රථයක්, අතුරුගිරියේ සුඛෝපභෝගී නිවස ඇතුළු මේ අතාර්කික වත්කම් සම්බන්ධව විමර්ශකයින් වෙනත් වටයකින් පරීක්ෂණ අරඹා ඇත.
මේ තැනැත්තා දේව වරම් සහිත අධ්‍යාත්මික උපදේශකයෙක් වීමට පෙර පුද්ගලික රෝහල සාත්තු සේවකයෙක් බව පොලිසිය කියයි. උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා ලෙස හාස්කම් සහිත ශාන්තිකර්ම පටන් ගත් අවස්ථාවේ සිට රටේ ආරක්ෂක අංශවල සහ දේශපාලන අංශවල ප්‍රභූන් විශාල පිරිසක් ඔහුගේ අධ්‍යාත්මික රැකවරණය සොයා එම දේවාලයට නිරන්තව පැමිණ තිබේ.
මේ හේතුව නිසාම මෙම පුද්ගලයා අත්අඩංගුවට පත් මොහොතේ සිට විශාල බලපෑමක් විමර්ශන අංශ වෙත එල්ල වී ඇතැයි වාර්තාවේ.
ඉතා ඉක්මනින් ජාත්‍යාන්තර පොලිසිය හා එක්ව මේ ළමා අපචාරකයාගේ ලිංගික ජාවාරම ගැන තොරතුරු හෙළිදරව් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටිති.







