චීන පර්යේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අරභයා චීනය කළ ප්‍රකාශය ඉන්දියාව අද ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පැවසුවේ, චීන පර්යේෂණ නෞකාවට “හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට නොහැකි වීම සම්බන්ධයෙන් චීනය විසින් කරන ලද චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරන” බවයි.
India rejects "insinuation" by China over Chinese vessel Yuan Wang 5 not able to dock at Hambantota. pic.twitter.com/UyFw4nrOQi
— Sidhant Sibal (@sidhant) August 12, 2022
ප්‍රශ්නගත චීන නෞකාවූ Yuan Wang 5 හි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
චීනයේ Yuang Wang 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය සඳුදා කොළඹ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට දැනුම් දී තිබිණි.
මෙම යාත්‍රාව හම්බන්තොට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල ප්‍රකාශ කිරීමෙන් පසුව ශ්‍රීලංකා රජය මෙම ඉල්ලීම කරනු ලැබුවේය.
සැලසුම් කළ ලෙස චීන නෞකාව චීනයට බදු දී ඇති හම්බන්තොට වරායට ඉන්ධන ලබා ගැනීම සඳහා අගෝස්තු 11 වැනිදා පැමිණ අගෝස්තු 17 වන දින පිටත්ව යාමට නියමිත විය. .
මෙම යාත්‍රාව චීන නාවික හමුදාවේ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම් ගත කළ හැකි ඔත්තු නැවක් ලෙස මත පල කල ඉන්දියාව ශ්‍රී ලංකාවට උක්ත බලපෑම කරනු ලැබුවේය.