ගාලුමුවදොර අරගල බිමෙන් සියලුම අරගලකරුවන් අද ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
අද දහවල් 11ට පමණ පොලිසිය නිවේදනය කළේ සියලුම ඉදිකිරීම් ගලවාගෙන එම භූමියෙන් ඉවත් වී යා යුතු බවය.
අධිකරණය නියෝගයක් පදනම්ව 10 වනදා සියලුම ඉදිකිරීම් ඉවත් කරන ලෙස අරගලකරුවන්ට දැනුම් දී තිබිණි. 10 වනදා වනවිට කොටසක් ඉවත් වී ගිය අතර තවත් සුළු පිරිසක් අද දහවල් වනතුරු භූමියේ රැඳී සිටියහ.
පොලිසිය කළ දැනුම් දීම අනුව අද ඒ සියලුම අරගලකරුවෝ භූමියෙන් ඉවත් වූහ.
පොලිසිය හා ආරක්ෂක අංශ යොදා භූමියේ ආරක්ෂාව තර කර තිබේ.
ජන අරගලයේ ගාලුමුවදොර සංකේතය මුලුමනින්ම ඉවත් කර දැමීමට රජය කටයුතු කර ඇත.