තමන්ට විදෙස්ගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විසින් කොටුව අධිකරණයෙන් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද ප්‍රතික්ෂේප කළේය.
මීට ඉහත දී උදංග විරතුංගට මිග් ගුවන් යානා ගනුදෙණුව සම්බන්ධව වූ නඩුවට අදාලව ඇප ලබා දෙද්දී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
අද අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රකාශ කළේ අන්ර්ජාතික වෙළෙඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා තම සේවා දායකයාට විදෙස් ගතවීමට ඇති බවත්, අදාල තහනම තාවකාලිකව ලිහිල්කර දෙන ලෙසත්ය.
එහෙත් වර්ෂ 2015 දී අධිකරණය මගහැර විදෙස්ගව සිට 2019 නව රජය යළි බලයට පත් වූ පසු රටට පැමිණි උදයංග වීරතුංගේ ගුවන් ගමන් තහනම ලිහිල් කිරීමට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පේනවා දී ඇත්තේ පෙර අත්දැකීම අනුව ගුවන් ගමන් තහමනම ලිහිල් කළහොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බවය.
මේ පිළිබඳව සලකා බැලූ විනිසුරුවරයා උදයංග වීරතුංග විදෙස්ගතවීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.