බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘මුතුවැල’ ශ්‍රී ලංකාවේ ගෙල සිර කරයිද?

by Lankasara News
අගෝස්තු 12, 2022
in පුවත්
chinese ship
Share on FacebookShare on Twitter

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමි
(අමරපුර මහා සංඝ සභාව)
චීන රජය විසින් ‘පර්යේෂණ නෞකාවක්’ ලෙස හඳුන්වාදී ඇති චීන යුධ නෞකාවේ පැමිණීම, මෙම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඉහළම, කීර්තිමත් උපායමාර්ගිකත්වය පිලිබඳ ප්‍රවීනයන් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී බව අගයන රජයේ ඉහළ නිලධාරීන්ගේ සිට, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන් අතර මතභේදයක් සහ භීතියක් ඇති කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඔවුන්ගේ ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය යටතට ගෙන ඒම සඳහා වන චීනයේ භූ-මූලෝපායික අරමුණු ගැන සමස්ත ලෝකයම දනී. ඔවුන්ගේ සැලසුම්සහගත ‘මුතුවැල’ වැඩසටහන (‘STRING OF PEARLS) චීන ප්‍රධාන භූමියේ සිට අප්‍රිකාවේ ඉහල කෙ<වරේ ඇති සුඩාන වරාය දක්වා විහිදෙන අතර මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, මලක්කා සමුද්‍ර සන්ධිය, හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ලොම්බොක් සමුද්‍ර සන්ධිය මෙන්ම අනෙකුත් බොහෝ සමුද්‍ර සන්ධි හරහා විහිද යයි. එමෙන්ම පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින සහ සෝමාලියාවේ මධ්‍යස්ථාන ද මේ චීන මුතුවැල මඟින් ආවරණය බැවින්, එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන් අතර දැඩි අවධානයට හේතුවී තිබේ. ශ්‍රී ලංකාව මේ වනවිට ගත කරන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, කුසගින්නෙන් පෙළෙන තම ජනතාව පෝෂණය කිරීමටත්, ආහාර ද්‍රව්‍ය, ගෘහස්ථ ගෑස්, ඉන්ධන සහ ප්‍රවාහනය අවශ්‍යතා ඇතුළු ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමටත්,මානුෂීය ආධාර වෙනුවෙන් ලෝකය දෙස බලා සිටින සහ දැඩි අරගලයක යෙදෙමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය සහනයක් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින මොහොතකය. එවැනි මොහොතක චීන බලධාරීන් ඔවුන්ගේ නවීන තාක්‍ෂණයෙන් සහ භූ උපායමාර්ගික හා යුද්ධයට සම්බන්ධ නිරීක්ෂණ මෙන්ම ලුහුබැඳීමේ පහසුකම්වලින් සමන්විත ඊනියා 'පර්යේෂණ නෞකාව' ශ්‍රී ලංකාවේ දකුණු වරාය වෙත යැවීමට තීරණය කිරීම පුදුමයට කරුණක් සේ ඇතම්හු සලකති. චීන හමුදා බලධාරීන්ගේ මෙම තීරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ බොහෝ නායකයින්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. මෙම යුද නෞකාව ශ්‍රී ලංකාවට යැවීමේ චීනයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පැවැති සාකච්ඡාවක් අතරතුර කොළඹ චීන තානාපතිවරයාට පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව 'එක්-චීනයක්' ප්‍රතිපත්තියට මෙන්ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද කැපවී සිටින බවය. මේ අවස්ථාවේදී චීන හමුදා නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීම ශ්‍රී ලංකාව විසින් දිරිමත් නොකරන බවත්, එසේම එම ක්‍රියාව සම්බන්ධයෙන් 'අකමැත්තක්' නොදක්වන බවත්ය. ‘වර්තමාන ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා තානාපතිවරයාට පවසා තිබේ. ඔහු තවදුරටත් ඔහුට පවසා ඇත්තේ ‘අන්‍යෝන්‍ය ගෞරවය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම' සාමකාමී සහයෝගීතාවයට සහ ගැටුම්වලින් තොර වීම සඳහා 'වැදගත් පදනමක්’ බවයි. ඔහු මෙම ප්‍රකාශ කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය සනසාලීමට ද, නැතහොත් රටට අනාගතයේ එල්ලවිය හැකි තර්ජන සහ ඉන්දීය සාගර කලාපවල උද්ගත නොසන්සුන්තාව පිළිබඳ නිවැරදි ලෙස වටහා ගැනීම නිසා ද යන්න පැහැදිලි නැත. උපකාරය සදහා අත දිගු කරනවා වෙනුවට, ශ්‍රී ලංකාවට තම ජනතාවගේ ආහාර, ඉන්ධන, ගෘහස්ථ ගෑස් සහ ඖෂධ අවශ්‍යතා සපුරාලීමට සහය, දිරිගැන්වීම් සහ මානුෂීය ආධාර අසල්වැසියන්ගෙන් සහ ලෝකයෙන් අත්‍යවශ්‍ය වන මොහොතක නිහඬව සිටින චීනය, තම යුද නෞකාව පිටත් කර හැරීමට තීරණය කළේ ඇයිද යන්න ඕනෑම කෙනෙකුට ප්‍රශනයක් උද්ග්තත කරවන කරුණකි. පෙනෙන විදිහට, චීනයට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතා දුර්වල සහ මංමුලා සහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් තම භූ උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පියවර ගැනීමට ය. මහා සංඝරත්නය ප්‍රමුඛ මහා නාහිමිවරුන් සහ නිවැරදිව සිතන දේශප්‍රේමී බලවේග හා අන්තර්ජාතික සංවිධාන මෙම ක්‍රියාව ඉතා පැහැදිලිව හෙළා දැක ඇත. එබැවින් ශ්‍රී ලංකාව කිසිදු පීඩනයකට යටත් කරන උපක්‍රමයකට අත නොතබා, රටත්, ජනතාවත්, ඉන්දියානු සාගර කලාපයත් අනාගතයේ ඇති විය හැකි අනතුරුවලින් ගලවා ගැනීමට අදාළ ප්‍රතිචාරයක් දක්වනු දැකීම කාගේත් බලාපොරොත්තුවයි.

Share69Tweet43
Previous Post

ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් අන්දවූ ඇන්දවිල්ල තේරෙන්නේ දැන් යයි විපක්ෂ නායක සජිත් කියයි

Next Post

විදේශතග වීමට ඉඩ දෙන්නැයි උදයංග කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.