අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වේ.
හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිත බස්ගාස්තු සංශෝධනයට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශ අමාත්‍යවරයා වෙත ඊයේ (29) භාර දී ඇත.
උක්ත නිර්දේශ ප්‍රකාරව බස් ගාස්තු සියයට 22කින් පමණ ඉහළ යන අතර, දැනට රුපියල් 32ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 40 ක් වනු ඇත.
පසුගිය වසරේ නොවැම්බර් 11 වනදා සිට මාස 7 ක් තුළ 5 වතාවක් සියයට 87 කින් පමණ ගාස්තු ඉහළ දමා තිබේ.