ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී එක්සත් ආරබි එමීර් රජ්‍යයේ නායක ෂීක් මොහොමඩ් බීන් සයිඩ් අල් නහියන් සමඟ විශේෂ හමුවක් ඉකුත් අඟහරුවාදා පැවැත්වීය.
එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු රැසක් සාකච්ඡා කර ඇති අතර එහිදී දිවංගත් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ නායකයාට සිය ගෞරවය පුද කිරීමටද මෝදි අග්‍රාමත්‍යවරයා අමතක නොකලේය.
ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් ජර්මනියේ කළ සංචාරයකින් අනතුරුව එක්සත් ආරබි එමීර් රාජ්‍යයට පැමිණි අතර එහිදී ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර එහ දෙරෙටේ මිත්‍රත්තවය විදහාදැක්වීමට කදිම උදාහරණයක් විය.
එකසත් අරාබි එමීර් රාජ්‍යට සහ ඉන්දියාව එකිනෙකාට අත්හැරිය නොහැකි සමිප මිතුරන් දෙදෙනකු බවට මේවන විට පත්ව ඇත. ඒ අනුව මෙම ගල්ෆ් රජ්‍යයේ තෙවන විශාලතම ඉන්ධන ගැණුම්කරුවා වන්නේද ඉන්දියාව වන අතර එම අගය 2020-2021 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 16ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතරම ඉන්දියාවේ තිරිඟු සහ අනෙකුත් ආහාර නිෂ්පාදන විශාල වශයෙන් මිලදීගණු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
මෙම සම්බන්ධතා වලට අතිරේකව ඉන්දියානුවන් ලක්ෂ තිහක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරනු ලබයි. මෙම පිරිස වසරක ඇමරිකාන ඩොලර් බිලයන ගණනක් ඉන්දියාවට විදේශ විනිමය ලෙස එවනු ලබයි. එම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහලක් බවට පත්ව තිබේ.
එමෙන්ම මෙම වසර මුලදී දෙරට විශේෂ ද්වීපාර්ශවීය නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීය ඒ අනුව ඉදිරි වසර පහක කාලය තුලදී බොරතෙල් නොවන වෙළෙඳාම් ඇමරිකානු ඩොලර් බිලියන සියයක් දක්වා වර්ධණය කිරීමටද අපේක්ෂිතය.
ඒ අනුව ඉන්දියාව මේවන විටත් සිය මැදපෙරදිග වෙළෙඳ ස්ථාවරත්ව අත්කරගැනීමට සමත්ව ඇති අතර ඉදිරියේදී එය වර්ධනය කරගැනීමට හැකිවනු ඇති බවට විශේසඥයින් පවසයි.