මෙම වසරේ මුල් කාර්තුවේදී චීනය සිය විශාලතම ප්‍රාග්ධන ගලායාමට මුහුණදී ඇති බවට නවතම ආර්ථික දත්ත වලින් අනාවරණයවේ. ඒ අනුව මේ වසරේ මුල් කාර්තුවේදී ආයෝජකයින් කොටස් සහ බැඳුම්කර තොග වශයෙන් විකුණා ඇති බවත් රජයේ සහ සංවර්ධන බැංකු බැඳුම්කර වලින් සමන්විත ආයොජන කළඹවල් පිටතට ගලායාම පෙබරවාරි මාසයේ ආරම්භ වූ බවත් මාර්තු මාසයේදී ඉහල ගිය බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.
චීන ඉතිහාසය තුල මෙවැනි ප්‍රාග්ධන පිටත ගලායාමක් වාර්තා වී නොමැති බවද ගෝලීය මූල්‍ය තත්ත්ව පිළිබඳ අධ්‍යනය කරනු ලබන ජාත්‍යන්ත මූල්‍ය සඳහා වූ ආයතනය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය සඳහා මූලික වශයෙන් චීනයට බලපෑ කොරෝනා තත්ත්වයද හේතුවී තිබේ. එහිදී චීන රජය විසින් අනුගමනය කළ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තිද මෙම තත්ත්වයට හේතුවී තිබේ. කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟම චීනය නගර වසා දැමීමට තීරණය කිරීමත් සමඟ එරට නිෂ්පාදන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය.
ඒ අනුව චීන ආර්ථිකය මත යැපුනු බහුතරයක් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව විශාල වශයෙන් පාඩු අත්විදීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර කටයුත චීනයෙන් ඉවත්කර ගැනීමේ තත්ත්වයකට පත්විය.
මෙම ප්‍රාග්ධන පිටතට ගලායාමට ඩොලර් බිලියන 11.2 බැඳුම්කර ඇතුළත් වූ අතර ඉතිරිය ව්‍යාපාරික කොටස් විය. මෙම තත්ත්වය යහපත් ප්‍රවනතාවයක් නොවන බවද ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.
චීනය කොරොනා වෛරසය පාලනයට ගත් පියවරයන්ට අතිරේකව නැගෙනහිර යුරෝපය තුල මේවන විට ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වයද යම් ආකාරයකින් බලපා ඇත. කෙසේ වෙතත් මෙම තත්ත්වය චීන ආර්ථිකයට ඉතා අයහපත් ලෙස බලපානු ඇත.