රුසියායුනු සහ ක්‍රේන ගැටුම් වහාම නතර කළයුතු බවත් සාකාච්ඡා මර්ගයෙන් දෙරටේ අර්බුදය විසඳා ගතයුතු බවද ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර ප්‍රකාශ කර තිබේ.
ඉන්ද්‍රීය අග්‍රාමත්‍යවරයා මේ බව පසුගියදා පැවති ජී 7 සමුළුවේදී ප්‍රකාශ කර ඇති බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදීන් යොදු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්වාත්‍රා පැවසුවේ, “රුසියාව-යුක්‍රේනය සම්බන්ධයෙන්, අගමැතිවරයා විසින් ඉන්දියාවේ ස්ථාවරය පැහැදිලි කළා. එහිදී දෙරටේ එදිරිවාදිකම් වහාම අවසන් කිරීමත් ගැටුම් විසදීම සඳහා සාකච්ඡා මාර්ගය යොමුවීම ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නා.” යනුවෙනි.
මෙහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් ලෝක නායකින් සමඟ සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බවද ක්වාත්‍රා මෙහිදී පැහැදිලි කළයේ. ඒ අනුව මෝදි අග්‍රාමාත්‍යවරයා මේවන විට නැගෙනහිර යුරෝපයේ ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ආහාර සුරක්ෂිතතා අවාදනම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේය.
පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ රුසියා යුක්‍රේන ගැටුම් වහාම නතර කළයුතු බවත් දෙරට අතර පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් පමණක් විසඳාගතයුත බවත් ඉන්දීය අග්‍රාම්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රුසියාන ජනාධිපතිවරයා අමතමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ වහාම සාකච්ඡා කර ගැටුම් සමතයකට පත්කළ යුතු බවයි.
ඉන්දියාව විසින් රුසියාන යුක්‍රේන ගැටුම් සම්බන්ධයෙන් මැදි මාවතක් අනුගමනය කළ අතර කිසිම අවස්ථාවක රුසියාවට එරෙහි වීමක් නොවනු අතරම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් සමඟද ඉතා සමීපව කටයුතු කිරීමට පියවර ගනු ලැබීය.