කිර්ති ප්‍රනාන්දු –
උපරිම ධාරිතාවෙන් ඉන්ධන බෙදා හැරීම සඳහා ලංකා අයි.ඕ.සි. සමාගම සිය ටැංකිරථ සියල්ලම අද (30) සේවයට කැඳවා තිබේ.
මේ සම්බන්ධව කළ විමසීමක දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා ලංකාසරට පැවසුවේ අද දින බවුසර 90කට වැඩි ප්‍රමාණයක් සේවයට එක්වනු ඇති බවය.
ඊයේ (29) දිනය පුරාමත් අයි.ඕ.සී පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම සිදුවී තිබුණු අතර අද දිනය තුළ ලංකාව පුරා ඇති අයි.ඕ.සී පිරවුම්හල් 150කට වැඩි ප්‍රමාණයකට ඉන්ධන බෙදා හැරීමට හැකි වනු ඇතැයි සම ලේකම්වරයා කීවේය.
අයි.ඕ.සී ඉන්ධන බෙදා හැරීම සඳහා ලියාපදිංචි වී ඇත මුළු බව්සර ගණන 130කි.