සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා කළේය.
කොළඹ 05 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්, අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, ගම්පහ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෙසේ මියගොස් තිබුණහ. මේ වන විට මේ රට තුළින් වාර්තාවන මුලු කොවිඩ් පුද්ගල ආසාදිත මරණ සංඛ්‍යාව 375කි.
එමෙන්ම අද දිනද කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 900 ඉක්මවා ගියේය. අද දින වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 955කි. ඒ අතරින් 15 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. කොවිඩ් දෙවන රැල්ලෙන් අද වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 68155ක් බව රජය නිවේදනය කරන්නේය.
මේ පිළිබඳ රජය විසින් නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.









