කීර්ති ප්‍රනාන්දු –
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට අධීක්ෂණ හා ආවරණ රාජකාරිවලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව එම සංගමය ප්‍රකාශ කළේය.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල හිඟ වැටුප් ලබා දීම, කොන්ත්‍රාත් පදනම මත ලබා ගත් නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ හිග වැටුප් ගෙවීම, නව සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රවේශපත්‍ර ලබා දීමේ ක්‍රමය ක්‍රියාවට නැන්වීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වා දීම, උසස් කිරීමේ ක්‍රමවේද හා බඳවාගැනීමේ පටිපාටිය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටී.
තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන තුරු මෙම වෘතීය ක්‍රියාමාර්ගයේ යෙදන බවත් ඉදිරි දින වලදී දුම්රිය ප්‍රමාදය හා අවලංගු වීම් සිදුවීමේ වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හා ඉහළ නිලධාරීන් විසින් ගත යුතු බවත් සංගමය වැඩි දුරටත් පවසයි.