සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් වාර්තා කළේය.
ජනවාරි 16 දා සිට ජනවාරි 28 දක්වා සිදු වී ඇති මේ මරණ 04ක් වාර්තා කරන්නේ බොහෝ ප්රමාදවීය.
වාර්තා කරන මරණ 07න් මරණ 04ක් කොළඹ නාගරික බලප්‍රදේශය තුළය. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් ද ඒ අතර වෙයි.
කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 61 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙක්, කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, මිය ගිය අය අතර වූහ.
තවද නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්නපුර ගල්ගෑල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණහ.
මේ වනවිට රට තුළින් වාර්තාවන තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 297කි.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 852ක් වාර්තා විය. මේ වනවිට කොවඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 57630කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.








